ලබන වසරේ පෙබරවාරි මස 14 සිට 28 දක්වා පළමුවරට පැවැත්වීමට නියමිතව තිබූ අයි.සී.සී කාන්තා ශූරයින්ගේ ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිළිනොගැනීම මීට ප්‍රධාන හේතුව බව සඳහන්ය.
ශ්‍රී ලංකාවෙන් සත්කාරකත්වය ඉවත් කර වෙනත් රටක ශූරයන්ගේ කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇති ක්‍රිකට් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
තරගාවලිය සඳහා කාන්තා කණ්ඩායම් 6ක් තරග වදින අතර ශ්‍රේණිගත කිරීම්හි මුල් ස්ථාන 5 සිටින රටවල් සහ සත්කාරකත්වය දරන රට තරගාවලියට ඇතුළත් වේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම T20 ශ්‍රේණිගත කිරීම්හී පසුවන්නේ, 07 වන ස්ථානයේය.
ඒ අනුව පළමුවරට පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලිය වෙනත් රටකට සත්කාරකත්වය ලබාදුනහොත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලියට සහභාගී වීමට නොහැකි තත්ත්වයක් ද මතුවී තිබේ.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්