ආර්ජෙන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක සහ අට වතාවක් බැලන් ඩි’ඕර් (Ballon d’Or) සම්මානයෙන් පිදුම් ලැබූ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් තබමින් මෙම සංවේදී තීරණය ප්‍රකාශයට පත්කර තිබීම විශේෂත්වයක්.
වසර 20ක දීර්ඝ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය අවසන් කරමින් මෙසී තැබූ සටහනේ මෙසේ සඳහන්,
“ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් පසුව බොහෝ දුරට සිතා බල අමාරුවෙන් නමුත් මම මෙම තීරණය ගත්තා. ජාතික කණ්ඩායමෙන් සමුගැනීමට මෙය නිවැරදිම මොහොත බව මට සිතෙනවා. මම සෑම විටම මගේ උපරිමය ජාතික කණ්ඩායම වෙනුවෙන් ලබා දුන්නා. මට දැන් ලබා දීමට තවත් කිසිවක් ඉතිරිව නැහැ. එමෙන්ම කණ්ඩායමට පැමිණීමට සුදුසු දක්ෂ නැගී එන යෞවන ක්‍රීඩකයින් රැසක් සිටිනවා.”
තමන්ට සහාය දැක්වූ සියලුම ප්‍රේක්ෂකයින්ට, පවුලේ සාමාජිකයින්ට, නායකයින්ට සහ කණ්ඩායම් සගයන්ට ස්තූතිය පුදකළ මෙසී, මින් ඉදිරියට පිටත සිට කණ්ඩායමට සහාය දක්වන බවද සඳහන් කර තිබෙනවා.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්