මෙම වසරේ නිරීක්ෂණය කළ හැකි ප්‍රධාන උල්කාපාත වර්ෂාවක් වන ‘ඩෙල්ටා ඇක්වාරිට්ස්’ (Delta Aquariids) උල්කාපාත වර්ෂාව අද (29) රාත්‍රී කාලයේ සහ හෙට (30) අලුයම් කාලයේදී ශ්‍රී ලංකාවාසීන්ට දැකබලා ගැනීමට හැකිවන බව අභ්‍යවකාශ විද්‍යාඥ, ඉංජිනේරු, කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි.
මෙම අභ්‍යවකාශ සංසිද්ධිය කුම්භ නමැති තාරකා රාශියේ පිහිටි ඩෙල්ටා ඇක්වාරිට්ස් යන තරුව ආශ්‍රිතව අහසේ දර්ශනය වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
උල්කාපාත වර්ෂාව අතරතුරදී පැයකට උල්කාපාත 20ත් 25ත් අතර ප්‍රමාණයක් දැකගත හැකි වන අතර, අහස පැහැදිලිව පවතින ප්‍රදේශවල මුළු රාත්‍රිය පුරාම මෙය නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතින බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කළ ආයතනයකට ලක්ෂ 3ක දඩයක්
22 හැවිරිදි තරුණයාට දිවි අහිමි කළ මාරක අනතුර
විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්