ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා යෝජිත 22 වැනි සංශෝධනය මඟින් ජනතාවගේ පරමාධිපත්‍යයට සෘජුවම බලපෑම් ඇති කරන බැවින්, එය මහජන අනුමැතිය සඳහා ජනමත විචාරණයකට ලක් කළ යුතු බව ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) දැඩි ලෙස අවධාරණය කරනවා.
යාපනයේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (22) රැස්වූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මෙම තීරණයට එළඹ ඇති බවයි එම පක්ෂය නිවේදනයකරන්නේ.
වත්මන් මාලිමා ආණ්ඩුව විසින් හඳුන්වා දී ඇති මෙම නව නීතිමය ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ පරමාධිපත්‍යය සමඟ සමීපව බැඳී පවතින හෙයින්, එය පාර්ලිමේන්තුවේ පමණක් සම්මත කරගැනීම ප්‍රමාණවත් නොවන බව පක්ෂයේ ස්ථාවරය වී ඇත්තේ. ඒ අනුව, මෙහි සැබෑ අයිතිය හිමි ජනතාවගේ සෘජු අනුමැතිය ලබා ගැනීම පිණිස එය ජනමත විචාරණයකට ඉදිරිපත් කළ යුතු බවට ඉලංකෙයි තමිල් අරසු කච්චි සභාපති සී.වී.කේ. සිවඥානම් සහ මහ ලේකම් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්