Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සැඩ පහරට හසුවූ තරුණයා අතුරුදහන්

1 day ago

බැල්ලපිටිය, නාරගල පාලම ආසන්නයේ කළු ගඟේ අනාරක්ෂිත ස්ථානයකට දිය නෑමට ගිය 19 හැවිරිදි තරුණයෙකු සැඩ පහරට හසුවී අතුරුදහන් වී ඇති බව හොරණ මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස අතුරුදහන් වී ඇත්තේ චිරාත් සස්මිත් නැමැති 19 හැවිරිදි තරුණයෙකි.

තවත් තරුණයින් දෙදෙනෙකු සමඟ ඊයේ (31) පස්වරු 4.30ට පමණ මොහු දිය නෑම සඳහා පැමිණ ඇති අතර, පස්වරු 5.13ට පමණ දිය නාමින් සිටියදී එකවරම සැඩ පහරට හසුවී ගසාගෙන ගොස් තිබේ.

දියේ ගසාගෙන ගොස් අතුරුදහන් වූ තරුණයා සොයා ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *