දකුණු ආසියානු රටවල් සම්බන්ධයෙන් මෑතකදී සිදුකරන ලද නවතම ජනමත සමීක්ෂණයක් අනුව කලාපයේ සෙසු අසල්වැසි රටවල් තුන (ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය) එකිනෙකා කෙරෙහි විවිධ විරෝධතා සහ මතභේද පැවතියත් එම රටවල් තුනම එක සමාන ලෙස ධනාත්මක මතවාදයක් දරන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.
මෙම සමීක්ෂණය සිදු කර තිබෙන්නේ පියු පර්යේෂණ මධ්‍යස්ථානය(Pew Research Center) විසින්.
මෙම සමීක්ෂණයට අනුව ඉන්දියාව, පකිස්තානය සහ බංගලාදේශය යන රටවල පුරවැසියන්ගෙන් ආසන්න වශයෙන් 50% කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව කෙරෙහි ධනාත්මක ආකල්පයක් පෙන්වා තිබෙනවා.
එසේම එම රටවල් තුනෙන් කිසිදු රටක ආසන්න වශයෙන් 30%කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට එරෙහිව ඍණාත්මක මතයක් ප්‍රකාශ කර නැති බවද සඳහන්.
ශ්‍රී ලංකාවේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 79%ක් ඉන්දියාව කෙරෙහි ඉතා හිතකර ආකල්පයක් පෙන්වා ඇති අතර 63%ක් ඉන්දියාව තම රටේ වැදගත්ම මිතුරා ලෙසද හඳුනාගෙන තිබෙනවා.
2022 ආර්ථික අර්බුදයෙන් පසු දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වීම මෙම ධනාත්මක පෙන්නුම් කිරීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.
ඒ අනුව කලාපීය ප්‍රතිවිරෝධතා මධ්‍යයේ ශ්‍රී ලංකාව මෙලෙස සියලු අසල්වාසී රටවල ගෞරවය හා ප්‍රසාදය දිනාගත් මධ්‍යස්ථ සහ මිත්‍රශීලී රටක් ලෙස කැපී පෙනීම සුවිශේෂී සන්ධිස්ථානයක් වනවා.

සුරේෂ් සලේ රෝහලෙන් යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
සිරගත කළ ඥානසාර හිමිගේ ඇඳුම පිළිබඳව බන්ධනාගාර කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්
මහින්ද කහඳගම රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
නාමල් රාජපක්ෂගෙන් ජනපතිට ලිපියක්
මහින්ද කහඳගම ඩුබායි ගිහින් දාපු සෙල්ලම් හෙළිවෙයි! හඬපටයකුත් එළියට!
ඉන්ධන මිල පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
හිටපු ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්
ඥනසාර හිමි සරම ඇදන් අධිකරණයට
3000කට වැඩ වරදී.. දැන්වත් පටි තද කරගන්න
ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් දැනුම්දීමක්
ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි