කොළඹ වරායේදී සොයාගත් කිලෝග්‍රෑම් 463ක ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයේ සිද්ධියට අදාළව පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) මගින් කොළඹ පිහිටි හෝටලයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කොළඹ වරායේ බහාලුමක් තුළ තිබී සොයාගත් අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 800කට අධික බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන කියා සිටියේ.
කොළඹ වරායේ සී.අයි.සී.ටී. පර්යන්තයේ සැකකටයුතු බහාලුම් 2 ක් ඇති බවට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට පසුගිය 17 වනදා අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලිසිය පියවර ගත්තා.
ඒ අනුව, අද (31) මෙම බහාලුම් විවෘත කළ අවස්ථාවේ තුවාවල පැකට් ලෙස ඇසුරුම් කර තිබියදී මේවා සොයාගත් අතර, මෙම මත්ද්‍රව්‍ය තොගය පාකිස්තානයෙන් එවා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර දිවි ගමනට සමුදෙයි
රවී කරුණානායකට ලෙඩ ගොන්නක්! ඇප ලැබුණ හැටි මෙන්න!
22ට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි! විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
පාන් මිල ඉහළට
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කලින් ඉවර වෙනවා – වජිර
ඉන්දියානු ජනතාවගෙන් ගාල්ල ජාතික රෝහලට ලැබුණු පරිත්‍යාගය
අගමැති හරිනි භූතානය බලා පිටත්ව යයි
ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අයකිරීමට ගත් තීරණය අහෝසි කරමින් නියෝගයක්
අද කාලගුණය