Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්

17 minutes ago

මෙම මාසයේ මුල සිට වාහන ආනයනය මගින් ලැබෙන ආදායම සැලකිය යුතු මට්ටමින් පහළ ගොස් ඇති බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා.

අද(26) පැවති මාධ්‍ය හමුවකදී රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුන්චිහේවා මහතා මෙම ආදායම් පහළ බැසීම සම්බන්ධව තොරතුරු අනාවරණය කළා.

රජය මගින් වාහන ආනයනය සඳහා පැනවූ අධිභාරය තවත් මාස තුනක් සඳහා දීර්ඝ කිරීම හේතුවෙන් වාහන ආනයනය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවද ඔහු එහිදී පෙන්වා දුන්නා.

එසේම මෙම වසරේ මුල තිබූ ආනයන මට්ටමට යලිත් වාහන ආනයන‍ය පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවද මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී සඳහන් කළා.

ඒ අනුව වාහන ආනයනය මගින් ලැබෙන රේගු ආදායම යම් පහළ යෑමක් ඉදිරියේදී අපේක්ෂා කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *