Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

sri lanka police

පොලීසියේ උසස්වීම් අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම් 40ක් ඉවතට

26 minutes ago

මෑත කාලයේ පොලිස් සේවයේ විවිධ ශ්‍රේණි සඳහා සිදුකරනු ලැබූ උසස්වීම් අභියෝගයට ලක්කරමින් උසස්වීම් නොලද  නිලධාරීන් සහ නිලධාරිනියන් 1,050කට ආසන්න පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 40ක් පමණ නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් මෙම තීන්දුව ඊයේ (08) ප්‍රකාශයට පත් කළේය.

2019, 2020, 2021 සහ 2023 යන වසරවල එම වකවානුවේ හිටපු පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර, සී.ඩී.වික්‍රමරත්න, දේශබන්දු තෙන්නකෝන් යන පොලිස්පතිවරුන්ගේ පාලන සමයේ සිදුකරන ලද උසස්වීම් මෙම පෙත්සම්වලින් අභියෝගයට ලක්කර තිබුණි.

පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුරු දක්වා සිදුකළ උසස් වීම්, පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුර දක්වා සිදුකළ උසස්වීම්, උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරු දක්වා සිදුකළ උසස්වම් අභියෝගයට ලක්කරමින් උසස් වීම් නොලද පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 40කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබුණි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඬුල්ල සඳහන් කර සිටියේ, උසස් වීම් පිරිනැමීමේදී අක්‍රමිකතා සිදුවූ බවට අධිකරණය සෑහීමකට පත් කළ හැකි තොරතුරු පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවය.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික මිනිස් අයිතිය උල්ලංඝනය වී ඇති බවට තහවුරු කිරීමට පෙත්සම්කරුවන් අසමත් වී ඇති බවත් ඒ අනුව මෙම පෙත්සම් නිෂ්ප්‍රභ කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දු වලින් සඳහන් කර තිබේ. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *