ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ සුනඛයින් ලියාපදිංචි කිරීම නියාමනය කිරීම අරමුණු කරගනිමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් සකස් කරන ලද නව පනත් කෙටුම්පතක් රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර තිබේ.
සුනඛයින්ට එන්නත් කිරීම, ගහනය පාලනය කිරීම සහ වාණිජමය අරමුණු සඳහා සුනඛයින් බෝ කිරීම නියාමනය කිරීම මෙම යෝජිත ව්‍යවස්ථාවේ ප්‍රධාන අරමුණ වේ.
නව පනත් කෙටුම්පතට අනුව සති හයකට වැඩි වයසැති සුනඛයින් භාරයේ තබා ගන්නා හිමිකරුවන් විසින් උන් හට වාර්ෂිකව ජලභීතිකා එන්නත ලබා දී අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කළ යුතු අතර, එසේ ලියාපදිංචි කිරීමට අපොහොසත් වන හිමිකරුවන්ට ලියාපදිංචි ගාස්තුවට අමතරව රුපියල් 2,000ක දඩ මුදලක් ද නියම කෙරේ.
මීට අමතරව, සියලුම පළාත් පාලන ආයතන තම බලප්‍රදේශයේ වීදි සුනඛයින් වඳභාවයට පත් කිරීම අනිවාර්ය කර ඇති අතර, බලපත්‍රයක් නොමැතිව වාණිජමය අරමුණු සඳහා සුනඛයින් බෝ කිරීම සහ පැටවුන් විකිණීම තහනම් කිරීමටද යෝජනා කර ඇත.

දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්
අදත් තද වැසි
ප්‍රවීණ කලා ශිල්පිනී දයා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
නඩු තීන්දුවෙන් පසු ගලගොඩඅත්තේ ඥානසාර හිමි අතුරුදන්!
සමගි ජන බලවේගය 24 වනදා කොළඹට
රු. 100ට වතුර බෝතලයක් විකිණූ ආපනශාලාවට ලක්ෂ 5ක දඩයක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කළ ආයතනයකට ලක්ෂ 3ක දඩයක්
22 හැවිරිදි තරුණයාට දිවි අහිමි කළ මාරක අනතුර
විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද