සෞදි අරාබියාවේදී මරණදඬුවම නියම වූ ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාජා අනෝජන් බේරාගැනීම වෙනුවෙන් රාජ්‍යතාන්ත්‍රික, නෛතික සහ මහජන මට්ටමින් දැවැන්ත මැදිහත්වීම් සමුදායක් ආරම්භ වී තිබේ.
සිවරාජා අනෝජන් බේරාගැනීමට මැදිහත් වන ලෙස ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) මන්ත්‍රී කණ්ඩායමක් ඊයේ (23) පස්වරුවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් සහ අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම් මහතා පවසයි.
අනෝජන් නිදහස් කරගැනීම සඳහා ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම යන මහත්වරුන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
ඔවුන් ඊයේ මාලදිවයිනට ගොස්, සෞදි රජය සමඟ සමීප සබඳතා පවත්වන මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් හමුවී සහාය ඉල්ලා ඇති අතර, ඉදිරි දින කිහිපය තුළ ඔවුන් දෙදෙනා සෞදි අරාබිය බලා පිටත්ව යාමට ද නියමිතය.
අදාළ තරුණයාගේ ජීවිතය බේරාදෙන ලෙස මෙරට රජයෙන් සහ සෞදි රජයෙන් ඉල්ලමින් බොරැල්ල පත්තිනි දේවාලයේ ප්‍රධාන පූජක එස්. විනායගන් කුරුක්කල් පූජකතුමා ඇතුළු හින්දු භක්තිකයින් පිරිසක් ඊයේ රාත්‍රියේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පහන් දල්වා සත්‍යග්‍රහයක නිරත වී තිබේ.

පළාත් 8ක අද සිට දින තුනක් ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවයි
ජපන් සහ රුමේනියා රැකියා අපේක්ෂිතයන් සඳහා නව නීතියක්
අද කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයි
22 ගැන පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද පස්වරුවේ
භාණ්ඩාගාර බිල්පත් පොලියේ වැඩිවීමක්
කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්
ප්‍රදේශ රැසකට නායයෑම් රතු නිවේදන නිකුත් කරයි
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන අයට විශේෂ දැනුම්දීමක්
ජානකී සිරිවර්ධන රිමාන්ඩ්
පොලීසියේ ASP තනතුරෙන් පහළ නිලධාරීන්ට විද්‍යුත් යතුරුපැදි 65,000 ක්
ශිරන්ති රාජපක්ෂ FCIDයෙන් වෙනත් දිනයක් ඉල්ලයි
ඉලක්කයටත් එහා ගිය සැප්තැම්බර් රේගු ආදායම