Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සියලුම රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය

55 minutes ago

සියලුම රාජ්‍ය සේවකයින් සඳහා රජය මගින් නිල Email ලිපිනයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කරයි.

දැනට බොහෝ රාජ්‍ය සේවකයින් රාජකාරි සඳහා පෞද්ගලික Email ලිපින භාවිත කරන අතර, මෙම නව නිල Email ක්‍රමය හරහා සමස්ත රාජ්‍ය සේවයම එකම ජාලයකට ගෙන ඒමට හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එමෙන්ම, වීඩියෝ සම්මන්ත්‍රණ ඇතුළු කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් පහසුවෙන් සම්බන්ධ කර ගැනීමටත්, රාජ්‍ය ආයතන අතර දත්ත හුවමාරුව වඩාත් කාර්යක්ෂම කිරීමටත් මෙම වැඩපිළිවෙල උපකාරී වනු ඇති බව ඔහු පෙන්වා දෙයි.

මේ වනවිට බොහෝ රාජ්‍ය සේවකයින් රාජකාරි කටයුතු සඳහා භාවිත කරන්නේ පෞද්ගලිකව සකස් කරගත් Email ලිපිනයන් බවත්, ඒ වෙනුවට රජය මගින් හඳුන්වාදෙන නිල Email ලිපිනයන් භාවිත කිරීමෙන් රාජකාරි ලිපි ලේඛන සහ අනෙකුත් අත්‍යවශ්‍ය දත්ත හුවමාරු කර ගැනීම වඩාත් පහසු වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙල වේගවත් කරමින් එය වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමටද මෙම වැඩපිළිවෙලින් පිටිවහලක් ලැබෙනු ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *