සියලුම රාජ්‍ය සේවකයින් සඳහා රජය මගින් නිල Email ලිපිනයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කරයි.
දැනට බොහෝ රාජ්‍ය සේවකයින් රාජකාරි සඳහා පෞද්ගලික Email ලිපින භාවිත කරන අතර, මෙම නව නිල Email ක්‍රමය හරහා සමස්ත රාජ්‍ය සේවයම එකම ජාලයකට ගෙන ඒමට හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එමෙන්ම, වීඩියෝ සම්මන්ත්රණ ඇතුළු කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් පහසුවෙන් සම්බන්ධ කර ගැනීමටත්, රාජ්‍ය ආයතන අතර දත්ත හුවමාරුව වඩාත් කාර්යක්ෂම කිරීමටත් මෙම වැඩපිළිවෙල උපකාරී වනු ඇති බව ඔහු පෙන්වා දෙයි.
මේ වනවිට බොහෝ රාජ්‍ය සේවකයින් රාජකාරි කටයුතු සඳහා භාවිත කරන්නේ පෞද්ගලිකව සකස් කරගත් Email ලිපිනයන් බවත්, ඒ වෙනුවට රජය මගින් හඳුන්වාදෙන නිල Email ලිපිනයන් භාවිත කිරීමෙන් රාජකාරි ලිපි ලේඛන සහ අනෙකුත් අත්‍යවශ්‍ය දත්ත හුවමාරු කර ගැනීම වඩාත් පහසු වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙල වේගවත් කරමින් එය වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමටද මෙම වැඩපිළිවෙලින් පිටිවහලක් ලැබෙනු ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

පස්වරු 1න් පස්සේ එළියට යනවා නම් කුඩයක් අරගෙන යන්න අමතක කරන්න එපා
දැඩි කණස්සල්ල පළ කරමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි අත්අඩංගුවට
රිමාන්ඩ් කෙරුණු ශිරන්ති රාජපක්ෂට විශේෂ ආරක්ෂාවක්
ලංගම බසයට යටවුණු 12 හැවිරිදි පාසල් සිසුවා අවසන් ගමන් යයි
“ඥානසාර හිමිගේ චීවරය ඉවත්කර ගිහි ඇඳුමින් උපැවිදි තත්ත්වයට පත්කිරීම බරපතළ වරදක්” – අස්ගිරි ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
ප්‍රදීප් කාරියවසම්ට ඇප
හිටපු විදෙස් ඇමති රෝහිත බෝගොල්ලාගම රිමාන්ඩ්
ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක්
හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගම අත්අඩංගුවට
සුගීෂ්වර බණ්ඩාර යළිත් රිමාන්ඩ්