ධනංජය ද සිල්වා හදිසියේම ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමඟ හිස්වූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස කුසල් මෙන්ඩිස් මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද (08) පස්වරුවේ තීරණය කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙහෙයවන 19 වන නායකයා ලෙස ඉතිහාසයට එක්වෙයි.
නවකයින්ට අවස්ථාව ලබාදීමේ අරමුණින් තමන් වහාම ක්‍රියාත්මක වන පරිදි නායකත්වයෙන් ඉවත්වන බව ධනංජය ද සිල්වා අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබූ අතර, ඔහු තවදුරටත් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය. වත්මන් එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල ද නායකත්වය හොබවන 31 හැවිරිදි කුසල් මෙන්ඩිස්, මේ වන විට ටෙස්ට් තරග 75කදී ශතක 10ක් සහ අර්ධ ශතක 23ක් සමඟින් ලකුණු 4,836ක් රැස්කරගෙන තිබේ.
ඉදිරියේදී පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය, ටෙස්ට් නායකයා ලෙස කුසල් මෙන්ඩිස්ගේ පළමු තරගාවලිය වනු ඇත.

විදෙස් සංචිතය පල්ලම් බසී
නව යතුරුපැදි ලියාපදිංචිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල 5කදී නැවත ඇරඹේ
ඉදිරියේදී VAT බද්දේ වෙනසක්
මෙන්න Real Estate ක්ෂේත්රයේ ලැව්ගිනි වගේ පැතිරෙන අලුත්ම News එක! ලංකාවට ඩොලර් ගේන ගේමට Primeට ඕස්ට්‍රේලියාවෙන් සුපිරි Recognition එකක්!
ජනාධිපති අනුර කුමාරගෙන් තීරණාත්මක පියවරක්! බන්ධනාගාරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධ නීති සංශෝධනයට කමිටුවක්!
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චිට ඇප
ඥානසාර හිමියන්ගේ චීවරය වෙනුවෙන් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවක් ඉදිරියට පවත්වාගෙන යාමට මහාධිකරණයෙන් නියෝග
මානසික රෝග ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනතුරු ඇඟවීමක්
කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් ගනී
ධනංජය ද සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වෙයි
සෞදිය විසින් අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහාම අවලංගු කළ යුතුයි – ඇම්නෙස්ටි සංවිධානය