Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කුසල් මෙන්ඩිස්ට පැවරුණු අලුත්ම වගකීම

5 hours ago

ධනංජය ද සිල්වා හදිසියේම ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමඟ හිස්වූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස කුසල් මෙන්ඩිස් මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද (08) පස්වරුවේ තීරණය කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙහෙයවන 19 වන නායකයා ලෙස ඉතිහාසයට එක්වෙයි.

නවකයින්ට අවස්ථාව ලබාදීමේ අරමුණින් තමන් වහාම ක්‍රියාත්මක වන පරිදි නායකත්වයෙන් ඉවත්වන බව ධනංජය ද සිල්වා අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබූ අතර, ඔහු තවදුරටත් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය. වත්මන් එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල ද නායකත්වය හොබවන 31 හැවිරිදි කුසල් මෙන්ඩිස්, මේ වන විට ටෙස්ට් තරග 75කදී ශතක 10ක් සහ අර්ධ ශතක 23ක් සමඟින් ලකුණු 4,836ක් රැස්කරගෙන තිබේ.

ඉදිරියේදී පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය, ටෙස්ට් නායකයා ලෙස කුසල් මෙන්ඩිස්ගේ පළමු තරගාවලිය වනු ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *