මහජනතාවට ආර්ථික සහනයක් සැලසීමේ අරමුණින් ඉදිරි වසර දෙකත් තුනත් අතර කාලය තුළ එකතු කළ අගය මත බද්ද (VAT) අඩු කිරීමට රජය බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අද (08) අරලියගහ මන්දිරයේදී නව ග්‍රාම නිලධාරීන් 1,540 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, වැඩිවන රාජ්‍ය වියදම් නිසි පරිදි කළමනාකරණය කරගනිමින් ජනතාව මත පැටවී ඇති බදු බර ලිහිල් කිරීමට රජය ක්‍රියාකරමින් සිටින බවයි.
එමෙන්ම දරුවෙකු අධ්‍යාපනය ලබන විට පොතක් පතක් මිලදී ගැනීමේදී පවා බදු බරක් දැරීමට සිදු නොවිය යුතු බව පෙන්වා දුන් ඒ මහතා, අත්‍යවශ්‍ය අධ්‍යාපනික උපකරණ සහ පොත්පත් මත පනවා ඇති බදු ඉවත් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කළා.
කෙසේවෙතත්, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම් බලාත්මක කරමින් බදු සහන ලබාදීමේදී රජයේ වියදම් ඉතා ප්‍රවේශමෙන් පාලනය කළ යුතු බව ජනාධිපතිවරයා සිහිපත් කළා.
රාජ්‍ය සේවයේ මූලික වැටුප අදියර තුනකින් ඉහළ නැංවීමට ගත් තීරණය හේතුවෙන් 2027 වන විට රුපියල් බිලියන 330ක අමතර වියදමක් දැරීමට රජයට සිදුවන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.

විදෙස් සංචිතය පල්ලම් බසී
නව යතුරුපැදි ලියාපදිංචිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල 5කදී නැවත ඇරඹේ
මෙන්න Real Estate ක්ෂේත්රයේ ලැව්ගිනි වගේ පැතිරෙන අලුත්ම News එක! ලංකාවට ඩොලර් ගේන ගේමට Primeට ඕස්ට්‍රේලියාවෙන් සුපිරි Recognition එකක්!
ජනාධිපති අනුර කුමාරගෙන් තීරණාත්මක පියවරක්! බන්ධනාගාරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධ නීති සංශෝධනයට කමිටුවක්!
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චිට ඇප
ඥානසාර හිමියන්ගේ චීවරය වෙනුවෙන් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවක් ඉදිරියට පවත්වාගෙන යාමට මහාධිකරණයෙන් නියෝග
මානසික රෝග ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනතුරු ඇඟවීමක්
කුසල් මෙන්ඩිස්ට පැවරුණු අලුත්ම වගකීම
කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් ගනී
ධනංජය ද සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වෙයි
සෞදිය විසින් අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහාම අවලංගු කළ යුතුයි – ඇම්නෙස්ටි සංවිධානය