Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉදිරියේදී VAT බද්දේ වෙනසක්

16 minutes ago

මහජනතාවට ආර්ථික සහනයක් සැලසීමේ අරමුණින් ඉදිරි වසර දෙකත් තුනත් අතර කාලය තුළ එකතු කළ අගය මත බද්ද (VAT) අඩු කිරීමට රජය බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අද (08) අරලියගහ මන්දිරයේදී නව ග්‍රාම නිලධාරීන් 1,540 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, වැඩිවන රාජ්‍ය වියදම් නිසි පරිදි කළමනාකරණය කරගනිමින් ජනතාව මත පැටවී ඇති බදු බර ලිහිල් කිරීමට රජය ක්‍රියාකරමින් සිටින බවයි. 

එමෙන්ම දරුවෙකු අධ්‍යාපනය ලබන විට පොතක් පතක් මිලදී ගැනීමේදී පවා බදු බරක් දැරීමට සිදු නොවිය යුතු බව පෙන්වා දුන් ඒ මහතා, අත්‍යවශ්‍ය අධ්‍යාපනික උපකරණ සහ පොත්පත් මත පනවා ඇති බදු ඉවත් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කළා.

කෙසේවෙතත්, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම් බලාත්මක කරමින් බදු සහන ලබාදීමේදී රජයේ වියදම් ඉතා ප්‍රවේශමෙන් පාලනය කළ යුතු බව ජනාධිපතිවරයා සිහිපත් කළා.

රාජ්‍ය සේවයේ මූලික වැටුප අදියර තුනකින් ඉහළ නැංවීමට ගත් තීරණය හේතුවෙන් 2027 වන විට රුපියල් බිලියන 330ක අමතර වියදමක් දැරීමට රජයට සිදුවන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *