පාකිස්ථානය සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ ශ්රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 98කට සීමා කිරීමට පාකිස්ථාන පන්දු යවන්නන් සමත් වුණා.
රාවල්පිණ්ඩිහිදී අද (17) ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 35යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 98ක් පමණයි.
ශ්රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 32ක් රැස් කළ අතර සොනාල් දිනූෂ ලකුණු 21ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී මොහොමඩ් අබ්බාස්, රසාඋල්ලා සහ ආමර් ජමාල් කඩුලු 3 බැගින් දවාගත් අතර සාකිබ් ඛාන් එක් කඩුල්ලක් දවා ගත්තා.
