තේක්ක ලීවලින් සකස් කරනු ලැබූ ඇඳ විට්ටමක් පෙරළී එයට යටවීමෙන් තුන් හැවිරිදි වියේ පසුවන දැරියක් මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවති හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.
මියගොස් ඇත්තේ 3 හැවිරිදි මානවගේ ගයුමි පතිරණ නමැති උඩවලව, දකුණු ඇළ ප්‍රදේශයේ පදිංචි දැරියකි. මියගිය දැරියගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් පෙරේදා (05) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී පත්වනු ලැබීය.
මෙකී දැරිය පදිංචි නිෙවස අසල ඥාතිවරයකුගේ නිෙවසේ දානමය පිංකමක් තිබී ඇත. මෙම දැරිය එම නිෙවසේ දරුවන් සමඟ සෙල්ලම් කරමින් සිට ඇත. එම අවස්ථාවේ බිත්තියට හේත්තුකොට තිබූ තේක්කවලින් සකස්කොට තිබූ ඇඳ විට්ටමක් පෙරළී ගොස් දැරියගේ ඇඟ මතට වැටී ඇත.
දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සී.ටී. මහානාම මහතා විසින් සිදුකරනු ලැබීය. ඉදිරිපත්වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා හිසට වූ තුවාල නිසා මරණය වී ඇති බවට තීන්දු කළේය.


මුදල් සමාගමක බලපත්‍රය අවලංගු වෙයි! තැන්පත්කරුවන්ට ලක්ෂ 11 දක්වා වන්දි!
ලාෆ්ස් ගෑස් මිල දැනෙන අගයකින් පහළට
අයතුල්ලා අලි කමේනිගේ අවමංගල උත්සවයට රටවල් රැසක නියෝජිතයින් පැමිණෙයි
ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! ඉසිත විජේසුන්දරට ටෙස්ට් වරම්!
වවුනියාව නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ ආණ්ඩුකාරයාගේ ගැසට් නිවේදනය මහාධිකරණයෙන් අත්හිටුවයි
මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි
2025 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ට දැනුම්දීමක්
ලිට්රෝ ගෑස් මිල පහළට
වසන්ත කරන්නාගොඩට ඇප
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අර්බුදයක! ඉසිත විජේසුන්දරට ටෙස්ට් වරම්!
2027 අයවැය ඇස්තමේන්තු සැකසීම ඇරඹෙයි