Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2027 අයවැය ඇස්තමේන්තු සැකසීම ඇරඹෙයි

29 minutes ago

ඉදිරි 2027 මූල්‍ය වර්ෂය සඳහා වන ජාතික අයවැය ඇස්තමේන්තු සකස් කිරීමේ මූලික කටයුතු මේ වන විට නිල වශයෙන් ආරම්භ කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මෙම සමස්ත ක්‍රියාවලිය රාජ්‍ය ආයතන වෙත නිකුත් කර ඇති 02/2026 දරන ජාතික අයවැය චක්‍රලේඛයට අනුකූලව සිදු කෙරෙන බව එම අමාත්‍යාංශය අවධාරණය කරයි.

රටේ පවතින මූල්‍ය ප්‍රතිපත්තිවලට සමගාමීව, රජය සතු සීමිත ප්‍රතිපාදන නිසි ලෙස කළමනාකරණය කරනු වස් සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන විසින් තමන් වෙත පනවා ඇති “අනිවාර්ය වියදම් සීමාවන්” ඉතා දැඩි ලෙස අනුගමනය කළ යුතු බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

මීට අමතරව, ඉදිරියේදී ආරම්භ කිරීමට අපේක්ෂිත නව සංවර්ධන ව්‍යාපෘති සඳහා ද භාණ්ඩාගාරය විසින් දැඩි කොන්දේසි පනවා ඇත. ඒ අනුව, මින් ඉදිරියට නව සංවර්ධන ව්‍යාපෘති සඳහා වන යෝජනා ඇතුළත් කරන්නේ නම්, ඒවා වෙන වෙනම ඉදිරිපත් නොකර වත්මන් මූලික අයවැය ඇස්තමේන්තු තුළම අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු වනවා.

රාජ්‍ය මූල්‍ය පාලනයේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා, මෙවර අයවැය ඇස්තමේන්තු සහ ඒ ආශ්‍රිත සියලුම මූල්‍ය දත්ත ඉදිරිපත් කිරීම සඳහා “ඒකාබද්ධ භාණ්ඩාගාර කළමනාකරණ තොරතුරු පද්ධතිය” (ITMIS – Integrated Treasury Management Information System) භාවිත කිරීම සියලුම රාජ්‍ය නිලධාරීන් සඳහා අනිවාර්ය කර ඇත.

සියලුම අමාත්‍යාංශ සහ රජයේ දෙපාර්තමේන්තු විසින් සකස් කරනු ලබන අදාළ 2027 අයවැය ඇස්තමේන්තු, එළැඹෙන ජූලි මස 31 වැනිදාට පෙර ජාතික අයවැය දෙපාර්තමේන්තුව (Department of National Budget) වෙත භාර දිය යුතු බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *