Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සාමාන්‍ය පෙළ ලියූ සිසුවිය වට්ස්ඇප් මගින් පිළිතුරු ගෙන්වාගත් ආකාරය

3 years ago

බිබිල අධ්‍යාපන කලාපයට අයත් ජාතික පාසලක පසුගියදා පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රය ජංගම දුරකථනයක් මඟින් ඡායාරූප ගතකොට ගුරුවරයකුට අයත් වට්ස්ඇප් යෙදුම මඟින් යොමු කර ඒ සඳහා අදාළ ගුරුවරයාගෙන් පිළිතුරු ලබාගෙන ලියමින් සිටි විභාග අපේක්ෂිකාවක විභාගශාලා නිරීක්ෂණය කරන ගුරුවරයකුට හසුවී තිබෙනවා.

මෙම අපේක්ෂිකාව දෙවැනි වර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත්ව සිට තිබෙනවා.

ශාලාව වෙත පිවිසීමේදී ඇය ජංගම දුරකථනය සඟවා ගෙනැවිත් ප්‍රශ්න පත්‍රය ලද පසුව මෙම වංචාව කර තිබෙන බව වාර්තා වෙනවා.

ඇයට මෙලෙස පිළිතුරු යොමුකර ඇත්තේ එම පාසලේ ගණිත විෂය උගන්වන ගුරුවරයෙක්.

සිද්ධිය පිළිබඳව බිබිල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ජේ. සුසිල් විජේතිලක මහතාගේ උපදෙස් පිට මහියංගණය නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.එම්.එස්.ඩී. ඩයස් මහතා මෙම ශිෂ්‍යාව භාවිත කළ ජංගම දුරකථනය භාරයට ගෙන අදාළ වංචාවට සහාය දුන් ගුරුවරයා බිබිල අධ්‍යාපන කලාපයට කැඳවා ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

බිබිල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *