බිබිල අධ්‍යාපන කලාපයට අයත් ජාතික පාසලක පසුගියදා පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රය ජංගම දුරකථනයක් මඟින් ඡායාරූප ගතකොට ගුරුවරයකුට අයත් වට්ස්ඇප් යෙදුම මඟින් යොමු කර ඒ සඳහා අදාළ ගුරුවරයාගෙන් පිළිතුරු ලබාගෙන ලියමින් සිටි විභාග අපේක්ෂිකාවක විභාගශාලා නිරීක්ෂණය කරන ගුරුවරයකුට හසුවී තිබෙනවා.
මෙම අපේක්ෂිකාව දෙවැනි වර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත්ව සිට තිබෙනවා.
ශාලාව වෙත පිවිසීමේදී ඇය ජංගම දුරකථනය සඟවා ගෙනැවිත් ප්‍රශ්න පත්‍රය ලද පසුව මෙම වංචාව කර තිබෙන බව වාර්තා වෙනවා.
ඇයට මෙලෙස පිළිතුරු යොමුකර ඇත්තේ එම පාසලේ ගණිත විෂය උගන්වන ගුරුවරයෙක්.
සිද්ධිය පිළිබඳව බිබිල කලාප අධ්‍යාපන අධ්යක්ෂ කේ.ජේ. සුසිල් විජේතිලක මහතාගේ උපදෙස් පිට මහියංගණය නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ එම්.එම්.එස්.ඩී. ඩයස් මහතා මෙම ශිෂ්‍යාව භාවිත කළ ජංගම දුරකථනය භාරයට ගෙන අදාළ වංචාවට සහාය දුන් ගුරුවරයා බිබිල අධ්‍යාපන කලාපයට කැඳවා ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
බිබිල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.


ඩෙංගු මරණ සංඛ්‍යාව තවත් ඉහළට
සැමියාගෙන් පහර කෑ 29 හැවිරිදි බිරිඳ මරුට
කොදෙව්වන්ට එරෙහි දෙවැනි තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට
කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, ප්ලේන්ටී ඇතුළු හෝටල් කෑම මිල පහළට
ඩෙංගු නිසා සරසවි වැසීමේ අවදානමක්?
කරන්නාගොඩ අත්අඩංගුවට ගත් නඩුවේ සම්පූර්ණ විස්තරය එළියට! යෝෂිතගේ අධ්‍යාපන සුදුසුකම් හෙළිවෙයි!
2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්
‘හරක් කටා’ගේ බිරිඳගෙන් අල්ලස් ගනිද්දී විජයදාස රාජපක්ෂත් ඩුබායි ඉඳලා! අධිකරණයේදී තොරතුරු රැසක් හෙළි වෙයි!
හෙඩ්ෆෝන් පැලඳ පාරේ යන අයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග
බලපත්‍රය අවලංගු කළ මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන්ට ලක්ෂ 11 දක්වා වන්දි
ලාෆ්ස් ගෑස් මිල දැනෙන අගයකින් පහළට
අයතුල්ලා අලි කමේනිගේ අවමංගල උත්සවයට රටවල් රැසක නියෝජිතයින් පැමිණෙයි