ජනාධිපතිවරණය ලබන වසරේ පැවැත්වීමට තීරණය කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.
ජනාධිපතිවරණය ලබන වසර අවසානයේ පැවැත්වීමට නියමිතව තිබුණ ද එය ලබන වසරේ මුල් කාර්තුව තුළ පැවැත්වෙනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.
ඒ සඳහා ලබන වසරේ අය – වැයෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මැතිවරණ කොමිෂන් සභාවට අලුතින් පත් වූ සභාපති ආර්.එම්.එල්. රත්නායක ඇතුළු කොමිෂන් සභාවේ නිලධාරීන් ඉකුත් සතිඅන්තයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැඳවා ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ.
ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා කොපමණ මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය වෙනවා දැයි කොමිසමෙන් විමසා ඇති ජනාධිපතිවරයා මේ වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සූදානම් කර ගැනීමට සිදුවන බව සඳහන් කර තිබේ.
එම මුදල් අය – වැය ලේඛනයට ඇතුළත් කර වෙන් කරගත යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.
අදාළ ඇස්තමේන්තු සකස් කර හැකි ඉක්මනින් ලබා දෙන බව මැතිවරණ කොමිසමේ නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කර ඇත.
එය කඩිනමින් මුදල් අමාත්‍යංශය වෙත යොමු කරන ලෙස දැනුම් දී ඇති ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කරන ලෙසට ද උපදෙස් දී තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු හා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටි බව වාර්තා වේ.(මව්බිම)


රන් මිල පහළට
22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු වෙයි
පයාගල වෙඩිල්ලෙන් පානදුර නිලංගගේ මස්සිනාට දිවි අහිමි වෙයි
සැඩ පහරට හසුවූ තරුණයා අතුරුදහන්
විදුලි බිල වැඩිවෙයිද?
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ කාලගුණය උඩු යටිකුරු වෙන ලකුණු
ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
කොළඹදී ඇල්ලු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 463ක සිද්ධියට පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තවත් තුනක් අත්අඩංගුවට
ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර දිවි ගමනට සමුදෙයි
රවී කරුණානායකට ලෙඩ ගොන්නක්! ඇප ලැබුණ හැටි මෙන්න!