2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද(30) ආරම්භ වීමට නියමිතය..
අව සිට අගෝස්තු 20 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිත අතර, තරගාවලියේ සමාරම්භක තරගය ජැග්නා කිංග්ස් කණ්ඩායම හා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.
එම තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී රාත්‍රී 7.30 ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.
මූලික වටයේ තරග 20න් තරග 12 ක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේත්‚ ඉතිරි තරග 8 මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දීද පැවැත්වීමට නියමිතයි.
අවසන් මහා තරගය ඇතුළු අවසන් වටයේ සියලු තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
මූලික වටයේ අවසන් තරගය අගෝස්තු 15 වැනිදා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම හා ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.
මෙවර තරගාවලියේ නිල රූපවාහිනී විකාශන අයිතිය Star Sports මාධ්‍ය ජාලය විසින් හිමි කර ගෙන තිබෙනවා.
ඒ අනුව Star Sports මාධ්‍ය ජාලය විසින් තරගාවලිය ඉන්දියාව, ශ්‍රී ලංකාව,පාකිස්තානය, බංග්ලාදේශය, භූතානය, නේපාලය, මාලදිවයින හා එක්සත් අරාබි එමීර්රාජ්ය ඇතුළු මැද පෙරදිග සහ උතුරු අප්‍රිකා රටවල්වල සජීවීව විකාශය කිරීමට නියමිතයි.
Star sports 2(නාලිකා අංක 69 – Dialog TV) (නාලිකා අංක 40 – PEOTV) නාලිකාව ඔස්සේ මෙරට ප්‍රේක්ෂකයින්ට තරගාවලිය නැරඹිය හැකියි.
තරගාවලියේ මෙරට නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමි කර ගෙන ඇත්තේ SBC නාලිකාවයි. සතියේ දිනවලදී පස්වරු 3ට පැවැත්වෙන තරග පමණක් හා සති අන්තයේ පැවැත්වෙන සියලු තරග ස්වර්ණවාහිණිය ඔස්සේද සජීවීව විකාශය කෙරෙනු ඇති. එමෙන්ම එල්.පී.එල් තරගාවලියේ අවසන් වටයේ සියලු තරගද ස්වර්ණවාහිණිය ඔස්සේ නැරඹීමට අවස්ථාව හිමිව තිබෙනවා.
තරගාවලියේ නිල ගුවන් විදුලි විකාශන අයිතිය හිමිව ඇත්තේ තමිල් FM නාලිකාවටයි.(FM 99.5, FM 99.7)


රු. 35,000ක අල්ලසක් ගත් සනීපාරක්ෂක කම්කරුවෙකු අත්අඩංගුවට
සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තරුණියක් පැහැර ගැනීමට තැත් කළ ඥාති සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට
වින්දනීය අත්දැකීමක් එක් කළ TVS RONIN Ride එක
ශ්‍රී ලාංකීය වෙළෙඳපොළට හඳුන්වා දුන් නවතම ‘TVS Ronin’ යතුරුපැදිය (ඡායාරූප)
අධිවේගයේ ගමන් කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
ඉන්ධන මිල ගැන ජනපති දුන් ඉඟිය
ප්‍රධාන පාසලක් තුළ පිහි ඇනුමක්! සිසුන් 5ක් රෝහලට!
කපිලට ඇප දෙන්න ආ තැරැව්කරුවෝ ගැන පොලීසියෙන් අනාවරණයක්
සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්යයි
අටමස්ථානාධිපති හිමි ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු
කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය විවෘත කරන්න නිෂ්පාදිත සමාගමට යොමු කිරීමට අවසර
ගෙවී ගිය පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය කැස්බෑවට