Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

horoscope

දවසේ ලග්න පලාපල – 2024 පෙබරවාරි මස 19වන සඳුදා

2 years ago

මේෂ

රාජකාරි බහුල වීමෙන් අවිවේකී බව ගෙන දෙයි. දුරගමන් නිසා අතපසුවීම්ද ඇතිවෙයි. ඇසුරු කරන්නන්ගේ අවශ්‍යතා මත මිල මුදල් වැයකිරීමට සිදුවෙයි. ආගමික වතාවත්ද ගරුකරයි. සෙම් බහුල රෝගද මතු කරයි.

ශුභ වර්ණය රතු/ ජය අංකය 05

වෘෂභ

තම ඥාති මිත්‍රාදීන් එක්රැස්ව ක්‍රියාකරන දිනකි. තරමක් අවිවේකී බවක් මතු කරයි. ඉඩකඩම් පිළිබඳ ගැට මතු කරයි. සමාජ සත්කාරක ක්‍රියාවැනි දේවල්වලද යෙදෙන අමතර ලාභ ලබන දිනකි. වාතාධික රෝග මතු කරයි.

ශුභ වර්ණය සුදු/ ජය අංකය 08

මිථුන

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. රාජකාරි බහුල වෙයි. තරමක් අවිවේකී බව දෙයි. ආවේගශීලී ගති මතුවන ක්‍රියාද යෙදෙන දිනකි. දහමට ලැදිව ක්‍රියාකරයි. අමතර ලාභ ගෙනදෙන දිනකි. සෙම් කෝප රෝග කාය රෝග මතු කරයි.

ශුභ වර්ණය කොළ/ ජය අංකය 06

කටක

ක්‍රියාකාරකම් බහුලයි. උත්සව සාද වැනි දේවල් ද යෙදෙන රැකීරක්‍ෂා ලාභ ලබන දිනකි. උගතුන් වියතුන් ඇසුරට පත්වෙයි. යටපත්ව ගිය ණය ගනුදෙනුවක් ශුභවාදී ලෙස විසඳේ. ශරීරගත රෝග, ඌෂ්ණ රෝග මතු කරයි.

ශුභ වර්ණය කහ/ ජය අංකය 02

සිංහ

ගමන් බිමන් බහුල දිනකි. දහමට ලැදිව ක්‍රියාකරයි. දානමාන කටයුතු ශීලාදී ක්‍රියාකාරකම් ආදියෙහි යොමු වන අතර සැහැල් සිතින් දවස ගෙවයි. තරමක් වැයපසද ඉහළ යයි. සිරසගත රෝගද මතු කරයි.

ශුභ වර්ණය තැඹිලි/ ජය අංකය 07

කන්‍යා

ගමන් බිමන් බහුල වෙයි. වන්දනාගමන් පුද පූජා ක්‍රියා ආදියෙහි යෙදේ. විනෝද ක්‍රියාවන්හිද යොමුවන තම ඇසුරු කරන්නන්ද දහමට යොමුකරවන ක්‍රියාකාරි දිනකි. අමතර ලාභද ලබයි. සෙම් කෝප රෝගද මතුකරයි.

ශුභ වර්ණය ක්‍රීම්/ ජය අංකය 04

තුලා

ක්‍රියාකාරී දිනකි. ආගමික උත්සව වැනි දේවලට සහභාගි වෙයි. තම ඥාති මිත්‍රාදීන් දහමට යොමු කරවන ක්‍රියාවන්හි යෙදේ. තරමක් වැයපසද ඉහළ යන දිනකි. පොදු සේවාවල යෙදේ. ඌෂ්ණ රෝග මතු කරයි.

ශුභ වර්ණය අළු පැහැය, ජය අංකය 06

වෘශ්චික

ආගමික චාරිත්‍රවලට මුල් තැනදී ක්‍රියාකරයි. තම ඇසුරු කරන්නන් සමඟ දහමට යොමුවන කරුණුවල යෙදේ. ප්‍රීති සාද වැනි දේවලටද හේතුයි. තරමක් මිල මුදල් වැයවන දිනකි. හදිසි රෝග, කැපුම් කෙටුම්වලට හේතුයි.

ශුභ වර්ණය රන්වන්/ ජය අංකය 07

ධනු

ක්‍රියාකාරකම් බහුල වෙයි. ප්‍රීති සාද උත්සව වැනි දේවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. ප්‍රේම සබඳතා ඇතිවෙයි. විනෝදජනක ක්‍රියාවන්හි යෙදේ. මිල මුදල් තරමක් වැයවේ. ඌෂ්ණ රෝග මතු කරයි.

ශුභ වර්ණය තද කහ/ ජය අංකය 01

මකර

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ඇසුරින් දුරස්ථවූවන් හා බැඳේ. අමතර ලාභද ලබයි. මහජන ප්‍රසාදයට ලක්වන කරුණු කාරණා යෙදේ. ආගමට දහමට ලැදිව ක්‍රියාකරන දිනකි. හමේ රෝග ආමාශගත රෝග මතු කරයි.

ශුභ වර්ණය තද දුඹුරු/ ජය අංකය 03

කුම්භ

ශුභාශුභ ඵලදෙයි. තම ව්‍යාපාරවල ප්‍රගතියක් දැකගත හැකි අතර තරමක් ආදායමද සරුවෙයි. නමුත් හදිසි තීරණමත අවාසි සැලසේ. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදයට පත්වෙයි. හදිසි රෝග, ආමාශගත රෝග මතුවේ.

ශුභ වර්ණය නිල්/ ජය අංකය 05

මීන

ගමන් බිමන් අධික වීමෙන් අවිවේකී වෙයි. බුද්ධිමත්ව සිතාබලා තීරණ ගත යුතු දිනකි. තම වටිනාකම ප්‍රදර්ශනය වන අතර ආගමික පුද පූජාවලට මුල්තැන දී ක්‍රියා කරයි. හදිසි ලාභද ලබයි. සෙම් කෝප රෝග මතුවේ.

ශුභ වර්ණය රෝස/ ජය අංකය 09

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *