රාජ්‍ය සේවයේ ඵලදායීතාව හා කාර්යක්ෂමතාවය වර්ධනය කර ගනිමින් ජනතාවට විශිෂ්ඨ මහජන සේවාවක් ලබාදීමේ අරමුණින් 2025 වසරේදී රාජ්‍ය සේවය තුළ විද්‍යාත්මක වැඩ අධ්‍යයනයක් (Work Study) සිදුකර නිසි ප්‍රමාණයට රාජ්‍ය සේවය යළි සකස් කර ගැනීමේ විද්‍යාත්මක වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇති බව වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපතිවරයා සදහන් කරයි.
එමඟින් අවශ්‍යතාවය පරිදි රාජ්‍ය සේවයේ සේවක සංඛ්‍යාව පිළිබඳව නිසි තක්සේරුවක් සිදු කරනු අතර රාජ්‍ය සේවකයින් සඳහා නිසි කාර්ය සාධන දර්ශක (KPI) හඳුන්වාදී එම කාර්ය සාධනය ඉටු කිරීමේ ප්‍රගතිය මත වාර්ෂික වැටුප් වර්ධක ලබාදීමේ ක්‍රමය හඳුන්වා දෙනු ඇති බවද සදහන් කරයි.
එසේම ඔවුන්ගේ කාර්ය සාධනය මත දිරිගැන්වීම් හා මූල්‍ය නොවන අනෙකුත් වරප්‍රසාද ලබා දීමේ ක්‍රමවේද හඳුන්වා දෙනු ලබන අතර වර්තමානයේ හඳුන්වාදී ඇති රාජ්‍ය බදු ප්‍රතිපත්තිය තුළම බදු ගෙවන්නන්ට විශිෂ්ඨ රාජ්‍ය සේවයක් හිමිකර දෙන ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා ප්‍රශස්ථ පරිමාණයෙන් යුතු රාජ්‍ය යාන්ත්‍රණයක් සකස් කර ගැනීමට ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශය (SLQF) හා ජාතික වෘත්තීය නිපුණතා (NVQ) පාදක කර ගනිමින් තරඟකාරී බඳවා ගැනීමේ ක්‍රමවේදයක් මඟින් රාජ්‍ය සේවය සඳහා සේවකයින් බඳවා ගනු ලබන ක්‍රමය ස්ථාපිත කරන බවද සදහන් කරයි.
එමඟින් සුදුස්සාට සුදුසු තැන හිමිකර දෙන යුගයක් බිහිවනු ඇති බවත් එළඹෙන 2025 වසරේ සිට ඉදිරි තෙවසර තුළ ඩිජිටල්කරණය (Digitalization) හා ස්වයංක්‍රීයකරණය (Automation) සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් හැකි සෑම අංශයකම රාජ්‍ය සේවාවට තාක්ෂණය හඳුන්වා දෙමින් ඊ – රාජ්‍ය සේවාකරණය (E-Governance) සඳහා රජයේ ප්‍රාග්ධන ආයෝජන වැඩසටහනට ප්‍රමුඛත්වය ලබාදෙන බවද එම කමිටුවේ සභාපතිවරයා සදහන් කරයි.



රු. 35,000ක අල්ලසක් ගත් සනීපාරක්ෂක කම්කරුවෙකු අත්අඩංගුවට
සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තරුණියක් පැහැර ගැනීමට තැත් කළ ඥාති සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට
වින්දනීය අත්දැකීමක් එක් කළ TVS RONIN Ride එක
ශ්‍රී ලාංකීය වෙළෙඳපොළට හඳුන්වා දුන් නවතම ‘TVS Ronin’ යතුරුපැදිය (ඡායාරූප)
අධිවේගයේ ගමන් කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
ඉන්ධන මිල ගැන ජනපති දුන් ඉඟිය
ප්‍රධාන පාසලක් තුළ පිහි ඇනුමක්! සිසුන් 5ක් රෝහලට!
කපිලට ඇප දෙන්න ආ තැරැව්කරුවෝ ගැන පොලීසියෙන් අනාවරණයක්
සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්යයි
අටමස්ථානාධිපති හිමි ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු
කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය විවෘත කරන්න නිෂ්පාදිත සමාගමට යොමු කිරීමට අවසර
ගෙවී ගිය පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය කැස්බෑවට