එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ දී තරගයක් තුළ කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට එංගලන්තය අද(17) සමත් වුණා.
ඒ, නෙදර්ලන්තය සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේ දී යි.
නෙදර්ලන්තයේ Amstelveen හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තය පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.
ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත පිතිකරුවන් එම තීරණයට ප්‍රබල පිළිතුරක් ලබා දෙමින් නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 4ක් දැවී ලකුණු 498ක් ලබා ගනිමින්.
එංගලන්ත ඉනිමේ දී ශතක තුනක් වාර්තා වුණා.
එහිදී පිල් සෝට් පන්දු 93කින් ලකුණු 122ක් ද, ඩාවිඩ් මලාන් පන්දු 109කින් ලකුණු 125ක් ද වාර්තා කළා.
ජොස් බට්ලර් පන්දු 70කින් නොදැවී වේගවත් ලකුණු 162ක් වාර්තා කිරීම විශේෂත්වයක්. ඔහුගේ ඉනිම හයේ පහර 14කින් වර්ණවත් වුණා.
ලියම් ලිවින්ග්ස්ටන් පන්දු 22කින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 66ක්.
ආරම්භක පිතිකරු ජේසන් රෝයි එක් ලකුණකට දැවී ගිය අතර, නායක ඔයින් මෝර්ගන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියා.
මීට පෙර ද එක්දින තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කීවේ එංගලන්තයයි.
ඒ, 2018 වසරේ දී ඔස්ටේ්රලියාවට එරෙහිව කඩුලු 6ක් දැවී ලකුණු 481ක් ලබා ගනිමින්.
එම ලකුණු ප්‍රමාණය වාර්තා කිරීමට පෙර ද අදාළ ලෝක වාර්තාවට එංගලන්තයම හිමිකම් කියනු ලැබුවා. ඒ, 2016 වසරේ දී පාකිස්තානයට එරෙහිව කඩුලු 3ක් දැවී ලකුණු 444ක් රැස් කරමින්.
මේ අතර, අද තරගයේ දී ඩාවිඩ් මලාන් එල්ල කළ දැවැන්ත හයේ පහරකින් පසුව පන්දුව සෙවීම සදහා නෙදර්ලන්ත ක්‍රීඩකයින් ද එක් වූ අවස්ථාවක් මේ වන විට ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.
source – hitwicket

වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියක්! පිළිකා රෝගීන්ට සුබ ආරංචියක්!
දෙවුන්දර දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ධුරය සම්පත් කිරිගේට
රටම කැළඹූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන වැඩසටහන ගැන වැඩබලන අටමස්ථානාධිපති හිමි කළ ඉල්ලීම
බියකින් හෝ අවිශ්වාසයකින් තොරව ලංකාවේ ආයෝජනය කරන්න! අශෝක රන්වල ජපන් බසින් විදේශ ආයෝජකයන්ට කළ ඇරයුම!
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
රාජ්‍ය සේවක වැටුප් සඳහා වසරකට රුපියල් බිලියන 900ක්
නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ බිළිදා ගැන කාන්තා කටයුතු අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම පහත වැටෙයි
ලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම පවතින රෝගයක් ගැන අනාවරණයක්
අද දවසේ කාලගුණයේ සිදුවන වෙනස
සෞඛ්‍ය අමාත්‍යාංශයේ 223 දෙනෙකුට නව පත්වීම්! වෛද්‍යවරුන් 1,600ක් මේ මාසය අවසන් වීමට පෙර බඳවා ගැනේ!
රයිස් සහ කොත්තු සහ කෙටි කෑමවල මිල ඉහළට