ඉන්ධන අර්බුදය හමුවේ උද්ගතව ඇති ප්‍රවාහන අසීරුතා හේතුවෙන් ලබන සඳුදා සිට සතියක කාලයක් සඳහා කොළඹ නගරයේ සියලුම පාසල් වසා දැමීමට තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්. එන් රණසිංහ මහතා සඳහන් කළේ ප්‍රවාහන ගැටලු නොමැති දිවයිනේ සියලුම ග්‍රාමීය පාසල් විදුහල්පතිවරුන්ගේ අභිමතය පරිදි පවත්වාගෙන යා හැකි බවය.
එමෙන්ම තදාසන්න නගරවල පාසල් එම සතිය තුළ ඔන්ලයින් ක්‍රමවේදයට ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට තීරණය කළ බව අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඔන්ලයින් අධ්‍යාපන සිදුවන දහවල් කාලය තුළ විදුලි කප්පාදුවක් සිදුනොකරන ලෙස මහජන උපයෝගීතා කොමිසමෙන් ද ඉල්ලීමක් කළ බව ඔහු පැවසීය.
අධ්‍යාපන අමාතයංශ ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ එළඹෙන 25 වන සෙනසුරාදා දින අධ්‍යාපන බලධාරීන් රැස්වී සිදුකරන සමාලෝචනයකින් අනතුරුව ඊළඟ සතියේ අධ්‍යාපන කටයුතු සිදුකරන ආකාරය තීරණය කරන බවය.

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ලෝක වාර්තාවක් තැබූ හත් හැවිරිදි පුංචි වීරයා
අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයාගේ මරණයට හේතුව හෙළිවෙයි
සජබය සහ එජාපය එක්වී හමාරයි – සජිත්ගෙන් ප්‍රකාශයක්
නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි! ශ්‍රී ලංකාවට හිමි ස්ථානය මෙන්න!
තෙල් මිල යළිත් ඉහළට! ජනපති මැයි රැළියේදී පවසයි!
අද තද වැස්සක්
මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්
ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්
ඩොලරයට සාපේක්ෂව ශ්‍රී රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
අද කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්
විස්සයි20 සටනේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ සහකාර අධ්යක්ෂවරයා අබිරහස් ලෙස මරුට