ව්‍යාජ පන්දහසේ නෝට්ටු 57 ක් සමගින් අත්අඩංගුවට ගත් දිගන ප්‍රදේශයේ පාසල් සිසුන් සිව් දෙනකු පරිවාස භාරයේ තබන ලෙස තෙල්දෙණිය මහෙස්ත්‍රාත් අධිකරණය පෙරේදා (21) නියෝග කර ඇත.
තෙල්දෙණිය මූලස්ථාන පොලිසිය විසින් මෙම සිසුන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ දිගන නගරයේ ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දිගන ප්‍රදේශයේම පදිංචි 15 හා 16 යන වයස්වල පසුවන සිසුන් සිව්දෙනකි.
මෙම සිසුන් දිගන නගරයේ ව්‍යාපාරික ස්ථානයකට භාණ්ඩ මිලදී ගැනීමට පැමිණ ඇති අතර එහිදී ව්‍යාපාරිකයාට ලබාදුන් නෝට්ටු ව්‍යාජ බව ව්‍යාපාරිකයා විසින්ම හඳුනාගෙන ඒ බව පොලිසිය දැනුවත් කර තිබිණි.
මේ අනුව ක්‍රියාත්මක වූ තෙල්දෙණිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර සේනාධීර ඇතුළු නිලධාරීන් පැමිණ මෙම සිසුන් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී සිසුන් සිව්දෙනා සන්තකයේ රුපියල් පන්දහසේ නෝට්ටු හතරක් තිබී ඇත.
මෙම සිසුන් පවසා ඇත්තේ හඳුනන මාමා කෙනකු බඩු මිලදී රැගෙන ඒම සඳහා මෙම නෝට්ටු ලබාදුන් බවය. මේ අනුව මෙම සිසුන්ට ලබාඳී තිබූ තවත් පන්දහසේ නෝට්ටු පනස් තුනක්ද සොයාගෙන තිබිණි.
මෙම සිසුන්ට ව්‍යාජ නෝට්ටු ලබාදුන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.

පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්‍රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්
අද කාලගුණ නිවේදනය
ලෝක ශූර ඉන්දියාව පරදා අයර්ලන්තය ලැබූ ඓතිහාසික තරගාවලි ජය
යටියන්තොට පොලීසියේ ට්‍රැෆික් OIC රිමාන්ඩ්
අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට පොසොන් කමිටුවෙන් දැනුම්දීමක්
එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ඨයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි