ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර දෙවන හා අවසන් එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 281ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව තරගාවලිය පරාජයෙන් බේරීම සඳහා ඔස්ට්‍රේලියාව ලකුණු 282ක ඉලක්කයක් සම්පූර්ණ කරගත යුතුය.
ශ්‍රි ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් අගනා ලකුණු 101ක් රැස්කළේය.
මෙය ඔහු ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තාකළ පළමු එක්දින ශතකයද වේ.
ඊට අමතරව නායක චරිත් අසලංක මෙවරද සාර්ථක ඉනිමක් ගොඩනගමින් නොදැවී ලකුණු 78 වාර්තා කළේය.
එමෙන්ම අවිශ්ක ප්‍රනාන්දු විවේකගන්වා අද තරගට කැඳවූ නිශාන් මධුෂ්ක ලකුණු 51ක් හා ජනිත් ලියනගේ නොදැවී ලකුණු 32ක් රැස්කිරීමට සමත් විය.
මේ වන විට පන්දුවට පහරදෙමින් සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 15ක් අවසානයේ කඩුලු හතරක් දැවී ලකුණු 79 ක් රැස් කරගෙන සිටියා.

අද කාලගුණය
සංචාරක පැමිණීම පසු කළ කඩයිම
වෙසක් දන්සැල් ලියාපදිංචිය සඳුඳා සිට
සාපෙළ සිසුවෙක් දිය රකුසාට බිලි
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ලෝක වාර්තාවක් තැබූ හත් හැවිරිදි පුංචි වීරයා
අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයාගේ මරණයට හේතුව හෙළිවෙයි
සජබය සහ එජාපය එක්වී හමාරයි – සජිත්ගෙන් ප්‍රකාශයක්
නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි! ශ්‍රී ලංකාවට හිමි ස්ථානය මෙන්න!
තෙල් මිල යළිත් ඉහළට! ජනපති මැයි රැළියේදී පවසයි!
අද තද වැස්සක්
මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්