Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඔස්ට්‍රේලියාවට ලකුණු 282ක ඉලක්කයක්! කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්!

1 year ago

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර දෙවන හා අවසන් එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 281ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව තරගාවලිය පරාජයෙන් බේරීම සඳහා ඔස්ට්‍රේලියාව ලකුණු 282ක ඉලක්කයක් සම්පූර්ණ කරගත යුතුය.

ශ්‍රි ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් අගනා ලකුණු 101ක් රැස්කළේය.

මෙය ඔහු ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තාකළ පළමු එක්දින ශතකයද වේ.

ඊට අමතරව නායක චරිත් අසලංක මෙවරද සාර්ථක ඉනිමක් ගොඩනගමින් නොදැවී ලකුණු 78 වාර්තා කළේය.

එමෙන්ම අවිශ්ක ප්‍රනාන්දු විවේකගන්වා අද තරගට කැඳවූ නිශාන් මධුෂ්ක ලකුණු 51ක් හා ජනිත් ලියනගේ නොදැවී ලකුණු 32ක් රැස්කිරීමට සමත් විය.

මේ වන විට පන්දුවට පහරදෙමින් සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 15ක් අවසානයේ කඩුලු හතරක් දැවී ලකුණු 79 ක් රැස් කරගෙන සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *