
ගාල්ලේ ප්‍රධාන පෙළේ විදුහලක සිසුන් ලිංගික අපචාරවලට පොලඹවාගෙන වීඩියෝගත කර රට යවන ජාවාරමට සම්බන්ධ බව කියන ගාල්ල, උණවටුන, මැටරඹ සතර මහා දේවාලයේ ප්‍රධාන කපු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (10 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කීර්ති කුමාර බටගොඩ නමැති ආධ්‍යාත්මික ශක්තිය හා විශ්ව ශක්තිය පිළිබඳව ප්‍රසිද්ධියේ දේශන කරන කපු මහතකු බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
ඔහු සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් මත එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර පරිගණක අපරාධ කොට්ඨාසය වෙත විමර්ශන භාරකර ඇත.
ඒ අනුව කරන ලද දීර්ඝ විමර්ශනයකදී රුපියල් තිස් දහස බැගින් ගෙවා පාසල් සිසුන් ගෙන්වාගෙන ලිංගික අපචාර කර ඒවායෙහි වීඩියෝ පිටරටවලට යවන බවට හෙළිවී තිබේ. කපු මහතා විසින් අතවරයට ලක්කළ පසු එම සිසුන් යොදවා ඔවුන් අතර ලිංගික අපචාර සිදුකරන වීඩියෝ පවා පටිගත කරවා ඇතැයිද හෙළිවී තිබේ.
මෙම කපුවා අතින් අපයෝජනයට ලක්වූ සිසුන් නවදෙනකු දැනටමත් සොයාගෙන ඇත.
ගාල්ලේ පිරිමි විදුහලක සාමාන්‍ය පෙළ හදාරන සිසුවකුට මුදල් ලබාදී අනෙක් මිතුරන් ඒ සඳහා පොලඹවාගෙන ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ. එම සිසුවාගේ ජංගම දුරකථනය පාසලේ ආචාර්ය මණ්ඩලයට හසුවී පරීක්ෂණ කිරීමේදී ඊට අදාළ ලිංගික දර්ශන සහිත වීඩියෝපට හමුවී මෙසේ මෙම තොරතුරු අනාවරණය වී තිබේ.
එම දර්ශන ආචාර්ය මණ්ඩලය මගින් පරීක්ෂා කරන මොහොතේ එක්වරම ඒවා මැකී ගොස් ඇතැයි පැවසේ.
එම මැකී ගිය දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නැවත ලබාගැනීමට කටයුතු යොදා ඇත.
මෙම කපුවා ගාල්ලේ, කොළඹ සහ අතුරුගිරිය යන ප්‍රදේශවල පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණවලට දරුවන් රැගෙන ගොස් අපයෝජනය කර වීඩියෝ කර ඇතැයිද හෙළි කරගෙන තිබේ.
මොහු මෙම වීඩියෝ දර්ශන විකිණූ විදේශිකයන් හඳුනා ගැනීමට හා මොහු විසින් මෙම ජාවාරමට යොදාගත් පාසල් සිසුන් සොයා ගැනීමට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
මෙම කපුවාගේ දේවාලය දේශපාලනඥයන්, ප්‍රභූවරුන් හා ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් පවා නිතර ආගිය තැනක් බවද කියයි.

courtesy – තිස්ස රවීන්ද්‍ර පෙරේරා

2026 මුල් මාස පහේදී ශ්‍රී ලංකාවට වාර්තාගත අපනයන ආදායමක්
විමල් වීරවංශගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙක් රිමාන්ඩ්
ඇඟිල්ල පාට නොකරන්න ගත්තු තීරණයෙන් රටට දැවැන්ත මුදල් ඉතිරියක්
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මෙට්‍රො බස් ගැන ඇමති ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්
රුහුණේ සරසවි සිසුවියක් ඩෙංගු මාරයාට බිලි වෙයි
නව පනත කෙටුම්පතක්! අවුරුදු 16ට අඩු මෙරට දරුවන්ට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය තහනම් වන ලකුණු!
උසස් පෙළ, ශිෂ්‍යත්ව හා සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් විශේෂ නිවේදනයක්
ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම කල් යයි
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන
ඉතිහාසගත වූ චමරි අතපත්තු