Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සිසුන් අපයෝජනය කළ කෝටිපති පූජකයා අත්අඩංගුවට! අපයෝජනය කරන දසුන් වීඩියෝ කර සුද්දන්ට විකුණලා!(වීඩියෝ)

3 years ago 4.8 K

ගාල්ලේ ප්‍රධාන පෙළේ විදුහලක සිසුන් ලිංගික අපචාරවලට පොලඹවාගෙන වීඩියෝගත කර රට යවන ජාවාරමට සම්බන්ධ බව කියන ගාල්ල, උණවටුන, මැටරඹ සතර මහා දේවාලයේ ප්‍රධාන කපු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (10 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කීර්ති කුමාර බටගොඩ නමැති ආධ්‍යාත්මික ශක්තිය හා විශ්ව ශක්තිය පිළිබඳව ප්‍රසිද්ධියේ දේශන කරන කපු මහතකු බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

ඔහු සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් මත එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර පරිගණක අපරාධ කොට්ඨාසය වෙත විමර්ශන භාරකර ඇත.

ඒ අනුව කරන ලද දීර්ඝ විමර්ශනයකදී රුපියල් තිස් දහස බැගින් ගෙවා පාසල් සිසුන් ගෙන්වාගෙන ලිංගික අපචාර කර ඒවායෙහි වීඩියෝ පිටරටවලට යවන බවට හෙළිවී තිබේ. කපු මහතා විසින් අතවරයට ලක්කළ පසු එම සිසුන් යොදවා ඔවුන් අතර ලිංගික අපචාර සිදුකරන වීඩියෝ පවා පටිගත කරවා ඇතැයිද හෙළිවී තිබේ.

මෙම කපුවා අතින් අපයෝජනයට ලක්වූ සිසුන් නවදෙනකු දැනටමත් සොයාගෙන ඇත.

ගාල්ලේ පිරිමි විදුහලක සාමාන්‍ය පෙළ හදාරන සිසුවකුට මුදල් ලබාදී අනෙක් මිතුරන් ඒ සඳහා පොලඹවාගෙන ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ. එම සිසුවාගේ ජංගම දුරකථනය පාසලේ ආචාර්ය මණ්ඩලයට හසුවී පරීක්ෂණ කිරීමේදී ඊට අදාළ ලිංගික දර්ශන සහිත වීඩියෝපට හමුවී මෙසේ මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

එම දර්ශන ආචාර්ය මණ්ඩලය මගින් පරීක්ෂා කරන මොහොතේ එක්වරම ඒවා මැකී ගොස් ඇතැයි පැවසේ.

එම මැකී ගිය දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නැවත ලබාගැනීමට කටයුතු යොදා ඇත.

මෙම කපුවා ගාල්ලේ, කොළඹ සහ අතුරුගිරිය යන ප්‍ර‍දේශවල පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණවලට දරුවන් රැගෙන ගොස් අපයෝජනය කර වීඩියෝ කර ඇතැයිද හෙළි කරගෙන තිබේ.

මොහු මෙම වීඩියෝ දර්ශන විකිණූ විදේශිකයන් හඳුනා ගැනීමට හා මොහු විසින් මෙම ජාවාරමට යොදාගත් පාසල් සිසුන් සොයා ගැනීමට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

මෙම කපුවාගේ දේවාලය දේශපාලනඥයන්, ප්‍රභූවරුන් හා ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් පවා නිතර ආගිය තැනක් බවද කියයි.

courtesy – තිස්ස රවීන්ද්‍ර පෙරේරා

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *