කාන්තාවක් විසින් එල්ලකළ පා පහරකින් කොන්දොස්තරවරයෙක් ධාවනය වන බස් රථයකින් එළියට ඇදවැටී තිබෙනවා.
මෙම සිදුවීමට මුහුණදී ඇත්තේ මහනුවර – කොළඹ මගී ප්‍රවාහන බස් රථයක සේවයේ නිරත කොන්දොස්තරවරයෙකි.
අදාළ කාන්තාව කිරිබත්ගොඩ ආසන්නයෙන් බස් රථයට නැග ඇති අතර එහිදී කොන්දොස්තරවරයා කිහිපවිටෙක ප්‍රවේශපත්‍රය ලබාගන්නා ලෙස දැනුම් දී තිබේ.
එයට උරණ වූ කාන්තාව කඩවත නගරය ආසන්නයේදී පා පුවරුවේ සිටි කොන්දොස්තරවරයාට පා පහරක් එල්ලකර ඇති බව වාර්තාවෙයි.
අනපේක්ෂිත මොහොතක එල්ලවූ පා පහරත් සමඟ කොන්දොස්තරවරයා ධාවනය වෙමින් තිබූ බස් රථයෙන් ඉවතට ඇදවැටුණු බව එම අවස්ථාවේ බස් රථයේ ගමන්කළ මගීන් පවසයි.
අනතුරින් තුවාල ලැබූ කොන්දොස්තරවරයා ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරුව කළහකාරී ලෙස හැසිරීමට උත්සාහ කළ මගී කාන්තාව බස් රථයේ සිටි සෙසු මගීන් විසින් අල්ලාගෙන පොලීසියට භාරදී ඇත.
වැඩිදුර විමර්ශනවළින් අනතුරුව පහරදීම සිදුකළ කාන්තාව රාගම රෝහලේ මානසික වෛද්‍ය ඒකකය වෙත යොමුකර තිබේ.
කඩවත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

වාහන හිමියන්ට විශේෂ නිවේදනයක්
ඩීසල් ලීටරයක මිල රුපියල් 600ක් කළ යුතුයි – ධනනාත් ප්‍රනාන්දු
ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි
ඉන්ධන මිල සංශෝධනයක්? ඛනිජ තෙල් සංස්ථාවෙන් නිවේදනයක්
ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
සරණගේ නඩුවල තීන්දු කල්යයි
රජයේ විශ්‍රාම වැටුප් නැති අයටත් විශ්‍රාම වැටුප් ගන්න අවස්ථාවක්
සටන් විරාමය අස්ථාවර කරමින් ඇමෙරිකාවෙන් දකුණු ඉරානයට ප්‍රහාර
හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි තීරණාත්මක නඩු තීන්දු හතරක් අද
මෙනින්ජිටිස් ව්‍යාප්තිය පාලනයට වසංගත රෝග විද්‍යායතනයෙන් විශේෂ උපදෙස් මාලාවක්
ගුරු පත්වීම් ගැන විශේෂ සාකච්ඡාවක් අද
රැවටෙන්න එපා! ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලයි!