රාජකාරීයේ නිරත පොලිස් නිලධාරීන්ට කඩුවකින් පහරදීමට තැත් කළ පුද්ගලයෙකුට පොලීසිය ඊයේ (15) පස්වරුවේ වෙඩි තබා තිබේ.
නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් මත තෙලිකඩ පොලිස් වසමේ ගිනිමැල්ලගහ ප්‍රදේශයේ නිවසක් වැටලීමට ගොස් තිබූ අවස්ථාවේදී මෙම සිද්ධිය ඇතිවී තිබේ.
එහිදී තෙලිකඩ පොලිස් නිලධාරීන්ට එහි සිටි පුද්ගලයකු විසින් මෙලෙස කඩුවකින් පහරදීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු විසින් වෙඩිතබා තිබේ.
පොලීසිය සඳහන් කළේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා ගාල්ල ජාතික රෝහලට ඇතුලත් කළ බවය.
මෙලෙස තුවාල ලබා ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයකු බවත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද රාත්‍රියේ
මාඔයේ ගිලී අතුරුදන් වූ සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ මළසිරුරු හමුවෙයි
රුමේෂ් තරංග ක්‍රීඩාවට සමුදෙන දිනය
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් හරහා නිල් වරෙන්තු
ගුරු විභාගයට පෙනී සිටි අයට විශේෂ දැනුම්දීමක්
අද සිට කාලගුණයේ වෙනසක්
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100%ක තීරුබදු
සෞදියේදී මරණ දඬුවම නියම වූ ලාංකික තරුණයාගේ මව හඬා වැළපෙමින් කළ ඉල්ලීම (වීඩියෝ)
රටම කම්පා කළ රිය අනතුරින් විදුහල්පතිට දිවි අහිමි වෙයි
කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්