ලාංකික ශ්‍රමිකයින් සඳහා නව රැකියා අවස්ථා ලබාගැනීම් සදහා ගිවිසුමක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයත්, ජපානයේ Im Japan ආයතනයත් අතර අත්සන් කිරීමට කටයුතු කරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මිනූෂ නානායක්කාර මහතා පැවසුවේය.
ජපානයේ |m Japan ආයතනයේ විධායක සභාපති KANAMORI HITOSH| මහතා ඇතුළු නියෝජිත පිරිස සමග පසුගියදා පැවති සාකච්ඡාවකදී වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීමට ඇති හැකියාව ගැන අමාත්‍යවරයා, සිය අවධානය යොමු කළේය.
ඒ අනුව නව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කටයුතු කරන අතර, ඒ සඳහා වන මූලික එකඟතාවයන්ට පැමිණීමට දෙපාර්ශවයට හැකියාව ලැබුණි. ඒ අනුව තාක්ෂණික මට්ටමේ සාකච්ඡා කඩිනමින් අවසන් කර අවෘබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය.
කොවිඩ් වසංගතයෙන් පසුව ජපානයට පිටත් කර යවන ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබුණ අතර දැනට සඳහා ජපන් භාෂා පුහුණුව ලබා සිටින තරුණ පිරිසට ඉක්මනින් ජපන් රැකියා අවස්ථා ලබාදීමේ වැදගත්කම් අමාත්‍යවරයා විසින් පෙන්වා දුන්නේය. ඒ සඳහා Im Japan ආයතනයේ නියෝජිතයින්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණි. ජපානයේ රැකියා අවස්ථා සදහා පිටත්ව, යහ ශ්‍රමිකයින්ගේ රැකියා සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ද අදහස් හුවාමාරුවූ අතර Im Japan ආයතනය අදාළ රැකියාවල සුරක්ෂිතතාවය තහවුරු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද ජපන් නියෝජිත කණ්ඩායම අමාත්‍යවරයාගේ අවධානය යොමු කළේය.
source – Media Center for National Development


දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්
අපරාධ රැසකට සම්බන්ධ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය දීර්ඝ කරයි
ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන
අවුරුදු 2යි මාස 2යි සති 2කට පසු ඩොලරයේ ඉහළම මිල අද වාර්තා වෙයි
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ! ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවට!