Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජපන් රටේ රැකියා සිහින දුටු ඔබට සුබ පණිවිඩයක්!

2 years ago 8.3 K

ලාංකික ශ්‍රමිකයින් සඳහා නව රැකියා අවස්ථා ලබාගැනීම් සදහා ගිවිසුමක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයත්, ජපානයේ Im Japan ආයතනයත් අතර අත්සන් කිරීමට කටයුතු කරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මිනූෂ නානායක්කාර මහතා පැවසුවේය.

ජපානයේ |m Japan ආයතනයේ විධායක සභාපති KANAMORI HITOSH| මහතා ඇතුළු නියෝජිත පිරිස සමග පසුගියදා පැවති සාකච්ඡාවකදී වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීමට ඇති හැකියාව ගැන අමාත්‍යවරයා, සිය අවධානය යොමු කළේය.

ඒ අනුව නව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කටයුතු කරන අතර, ඒ සඳහා වන මූලික එකඟතාවයන්ට පැමිණීමට දෙපාර්ශවයට හැකියාව ලැබුණි. ඒ අනුව තාක්ෂණික මට්ටමේ සාකච්ඡා කඩිනමින් අවසන් කර අවෘබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය.

කොවිඩ් වසංගතයෙන් පසුව ජපානයට පිටත් කර යවන ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබුණ අතර දැනට සඳහා ජපන් භාෂා පුහුණුව ලබා සිටින තරුණ පිරිසට ඉක්මනින් ජපන් රැකියා අවස්ථා ලබාදීමේ වැදගත්කම් අමාත්‍යවරයා විසින් පෙන්වා දුන්නේය. ඒ සඳහා Im Japan ආයතනයේ නියෝජිතයින්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණි. ජපානයේ රැකියා අවස්ථා සදහා පිටත්ව, යහ ශ්‍රමිකයින්ගේ රැකියා සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ද අදහස් හුවාමාරුවූ අතර Im Japan ආයතනය අදාළ රැකියාවල සුරක්ෂිතතාවය තහවුරු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද ජපන් නියෝජිත කණ්ඩායම අමාත්‍යවරයාගේ අවධානය යොමු කළේය.

source – Media Center for National Development

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *