විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු පැදවූ කැබ් රථයේ දොර විවෘත කිරීමත් සමගම ධාවනය වෙමින් තිබූ යතුරුපැදයක හැඩලයේ ගැටී එය මාර්ගයේ පෙරළී යාමෙන් මාරක අනතුරක් සිදුව තිබේ.
අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් විශ්‍රාමික ගුරුවරියක් මියගොස් තිබෙනවා.
ඇගේ සැමියා තුවාල ලබා හොරණ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන්.
අනතුරින් මියගොස් ඇත්තේ පොකුණු විට හංස උයන පදිංචිව සිටි 62 හැවිරිදි තිදරු මවකි.
යතුරුපැදිය පොකුණු විට සිට බණ්ඩාරගම දෙසට ගමන් කිරීමේ දී නවතා තිබූ කැබ් රථයේ දකුණු පස දොර එකවරම විවෘත කිරීම හේතුවෙන් යතුරුපැදියේ හැඩලයේ ගැටී මාර්ගයට වැටී ඇති අතර පසුව පසුපැදිකාරිණිය පිටුපසින් පැමිණි ත්‍රීරෝද රථයකට යටවී ජීවිතක්ෂයට පත්ව තිබේ.
සැකකාර විශ්‍රාමික යුද්ධ හමුදා සෙබළා සහ ත්‍රීරෝද රථ රියදුරු පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර බණ්ඩාරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

ගුරු විභාගයට පෙනී සිටි අයට විශේෂ දැනුම්දීමක්
අද සිට කාලගුණයේ වෙනසක්
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100%ක තීරුබදු
සෞදියේදී මරණ දඬුවම නියම වූ ලාංකික තරුණයාගේ මව හඬා වැළපෙමින් කළ ඉල්ලීම (වීඩියෝ)
රටම කම්පා කළ රිය අනතුරින් විදුහල්පතිට දිවි අහිමි වෙයි
කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට