Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොළඹ මහ නගර සභාවේ ආදායම වැඩි කරගන්න අලුත්ම වැඩකට මුල පුරයි

11 months ago

කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් පූර්ණ ස්වයංක්‍රීය ආදයම් උත්පාදන පද්ධතියක් නිර්මාණය කිරීමට කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනය (KOICA) මෙරට රජය සමඟ එකඟතාවයකට පැමිණ ඇත.

යල් පැනගිය ක්‍රමවේදවලින් ඉවත්වී නව්‍යකරණය ඔස්සේ ආදායම් උත්පාදනය කෙරෙහි එහිදී අවධානය යොමුව ඇති බව සඳහන්.ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 8.5ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා වූ එකඟතාවය පිළිබඳ සම්මුතියට කොළඹ මහ නගර සභාවේ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝකබණ්ඩාර සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනයේ ජාතික අධ්‍යක්ෂ ලී යූ ලී යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) අත්සන් තබා තිබේ.

කොළඹ මහ නගර සභාවේ ආදායම් ප්‍රභව 76 අතරින් ඉහළම ආදයමක් උත්පාදනය කරන්නේ වරිපනම් බදු(Property Tax), බලපත්‍ර ගාස්තු(License Tax), වෙළඳ බදු(Trade Tax) සහ මුද්දර ගාස්තු(Stamp Duty) යන ආදායම් ප්‍රභව හතරෙන් වන අතර එමඟින් ලැබෙන ආදායම කොළඹ මහ නගර සභාවේ සමස්ත ආදායමෙන් 62%ක් බව සඳහන්.

මෙම නව ව්‍යාපෘතියෙහි පළමු අදියර යටතේ එම ආදයම් උත්පාදක ප්‍රභවයන් හතර ස්වයංක්‍රීකරණය කෙරෙන අතර බදු ගෙවීම් යාවත්කාලීන වීම පමණක් නොව බදු ගෙවීම් පිළිබඳ තොරතුරු පද්ධතියේ ආරක්ෂිතභාවය තහවුරු වීමද මෙම ව්‍යාපෘතියේ එන ප්‍රතිලාභයක් ලෙස දැක්වෙයි.

දැනට කොළඹ මහ නගර සභාව තුළ ආදයම් කළමණාකරණය සඳහා භාවිත කරන්නේ MCAS (Municipal Council Accounting System) සම්ප්‍රදායික ක්‍රමය වන බවත් බදු පරිපාලන ක්‍රියාවලිය ස්වයංක්‍රීයකරණය කර නොමැති නිසා එම ක්‍රමය තුළ බදු ගෙවන්නන්ට අවාසිදායක සහ අපහසු තත්වයන් පැනනැගී ඇති බව නිරීක්ෂණ මඟින් හඳුනාගෙන තිබේ.

දෛනිකව ස්වකීය අවශ්‍යතා සඳහා කොළඹ නගරයට පැමිණෙන ලක්ෂ 06කට ආසන්න ජනතාවට සේ ප්‍රධාන වාණිජ අගනගරය කෙන්ද්‍ර කරගනිමින් මහ නගර සභා බල ප්‍රදේශයේ පදිංචි ලක්ෂ 07කට ආසන්න ජනතාවට සේවා සපයන කොළඹ මහ නගර සභා වාර්ෂිකව උත්පාදනය කරගනු ලබන ආදායම රුපියල් බිලියන 15 ඉක්මවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *