ලොව වේගවත්ම ධාවකයින් මුණ ගැසෙන ඩයමන්ඩ් ලීග් 2022 අදියරෙහි අවසන් මහා තරගයට තේරී පත්වන ක්‍රීඩකයන් 8 දෙනා අතරට පිවිසීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් ව සිටිනවා.
එංගලන්තයේ බර්මින්හැම් හිදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළලේදී ලෝකඩ පදක්කම දිනූ යුපුන් ඉකුත් වසරේදී ද ඩයමන්ඩ් ලීගයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. එය ශ්‍රී ලාංකිකයෙකු ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයක් නියෝජනය කළ පළමු අවස්ථාවයි. මෙවර ඔහු පිට පිටම දෙවැනි වරටත් සඳහා සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයක්. මෙවර යුපුන් සමගින් ජැමෙයිකාවේ යොහාන් බ්ලේක්, ඇමරිකාවේ ට්රේවන් බ්රෝමේල්, කයිරි කිං, කැනඩාවේ ඒරන් බ්‍රවුන්, ඇන්ඩ්‍රි ඩි ග්‍රාස්, බ්‍රිතාන්‍යයේ රීස් ප්රේස්කෝඩ් සහ දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනේ තරග වැදීමට නියමිතයි.
යුපුන් මෙවර තරග වාරයේදී මීටර 100 ඉසව්ව සඳහා සිය හොඳම දක්ෂතාව වාර්තා කර ඇති අතර ඒ තත්පර 9.96ක්. යුපුන් සහභාගි වන මෙම මීටර 100 තරගය 09 වැනිදා අලුයම 12.20ට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

2026 මුල් මාස පහේදී ශ්‍රී ලංකාවට වාර්තාගත අපනයන ආදායමක්
විමල් වීරවංශගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙක් රිමාන්ඩ්
ඇඟිල්ල පාට නොකරන්න ගත්තු තීරණයෙන් රටට දැවැන්ත මුදල් ඉතිරියක්
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මෙට්‍රො බස් ගැන ඇමති ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්
රුහුණේ සරසවි සිසුවියක් ඩෙංගු මාරයාට බිලි වෙයි
නව පනත කෙටුම්පතක්! අවුරුදු 16ට අඩු මෙරට දරුවන්ට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය තහනම් වන ලකුණු!
උසස් පෙළ, ශිෂ්‍යත්ව හා සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් විශේෂ නිවේදනයක්
ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම කල් යයි
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන
ඉතිහාසගත වූ චමරි අතපත්තු