Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

යුපුන් ලොව වේගවත්ම ක්‍රීඩකයින් 08 දෙනා අතරට! අවසන් තරගය අද මැදියම් රැයේ!

2 years ago 1.1 K

ලොව වේගවත්ම ධාවකයින් මුණ ගැසෙන ඩයමන්ඩ් ලීග් 2022 අදියරෙහි අවසන් මහා තරගයට තේරී පත්වන ක්‍රීඩකයන් 8 දෙනා අතරට පිවිසීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් ව සිටිනවා.

එංගලන්තයේ බර්මින්හැම් හිදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළලේදී ලෝකඩ පදක්කම දිනූ යුපුන් ඉකුත් වසරේදී ද ඩයමන්ඩ් ලීගයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. එය ශ්‍රී ලාංකිකයෙකු ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයක් නියෝජනය කළ පළමු අවස්ථාවයි. මෙවර ඔහු පිට පිටම දෙවැනි වරටත් සඳහා සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයක්. මෙවර යුපුන් සමගින් ජැමෙයිකාවේ යොහාන් බ්‍ලේක්, ඇමරිකාවේ ට්‍රේවන් බ්‍රෝමේල්, කයිරි කිං, කැනඩාවේ ඒරන් බ්‍රවුන්, ඇන්ඩ්‍රි ඩි ග්‍රාස්, බ්‍රිතාන්‍යයේ රීස් ප්‍රේස්කෝඩ් සහ දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනේ තරග වැදීමට නියමිතයි.

යුපුන් මෙවර තරග වාරයේදී මීටර 100 ඉසව්ව සඳහා සිය හොඳම දක්ෂතාව වාර්තා කර ඇති අතර ඒ තත්පර 9.96ක්. යුපුන් සහභාගි වන මෙම මීටර 100 තරගය 09 වැනිදා අලුයම 12.20ට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *