ලෝක වෙළෙඳපොළේ රිදී මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඊයේ වනවිට ලෝක වෙළෙඳපොළේ රිදී අවුන්සියක වටිනාකම ඩොලර් 39.40ක් (රුපියල් 11,885) බවය.
ඒ අනුව මෙම වසරේ රිදී මිල 36%කින් ඉහළ ගොස් ඇති අතර, ඊයේ දිනයේ පමණක් 0.3%කින් ඉහළගොස් ඇත.
අමෙරිකාව විසින් එරට තීරුබදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමත් සමග රන්, රිදී, ප්ලැටිනම්, පැලේඩියම් වැනි ලෝහවලට ආයෝජකයින් වැඩිවශයෙන් නැඹුරුවීම මෙලෙස රිදී මිලේ ඉහළ යෑමට හේතු වී තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ මෙම වසරේ දී රිදී මිල 36% කින් ඉහළ ගියද, රත්රන් මිල ඉහළගොස් ඇත්තේ 31%කින් පමණක් වීමය.
නවතම අනාවරණය අනුව මෙම වසරේ රිදී අවුන්සයක මිල ඩොලර් 42 දක්වා ඉහළ යා හැකිය.
කෙසේ වෙතත් 2011 වසරේ දී රිදී අවුන්සයක වටිනාකම ඩොලර් 49ක් දක්වා ඉහළගොස් තිබේ.

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් චීවරධාරීන් පිරිස රිමාන්ඩ්
මහින්දානන්ද පදනමේ දේපළ යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට
දිස්ත්‍රික්ක 17කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
අද කාලගුණය
සංචාරක පැමිණීම පසු කළ කඩයිම
වෙසක් දන්සැල් ලියාපදිංචිය සඳුඳා සිට
සාපෙළ සිසුවෙක් දිය රකුසාට බිලි
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ලෝක වාර්තාවක් තැබූ හත් හැවිරිදි පුංචි වීරයා
අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයාගේ මරණයට හේතුව හෙළිවෙයි
සජබය සහ එජාපය එක්වී හමාරයි – සජිත්ගෙන් ප්‍රකාශයක්
නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි! ශ්‍රී ලංකාවට හිමි ස්ථානය මෙන්න!