එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට
තමන් අනුමැතිය ලබාදුන් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.
අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.
එහි දී ඔහු කියා සිටියේ, “ක්‍රීඩා කවුන්සිලයේ නිර්දේශය පරිදි, විස්සයි විස්ස ලෝක
කුසලානය සඳහා ඉදිරිපත්වන ශ්‍රී ලංකා කණ්ඩායම මම ඊයේ (13) අනුමත කළා. 2022
ඔක්තෝම්බර් 16 සිට නොවැම්බර් 13 දක්වා ඔස්ට්‍රෙලියාවේ දී ආරම්භ වීමට නියමිත ලෝක
කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට මම සුබ පතනවා.” යනුවෙන්.
මේ අතර අමාත්‍යවරයාගේ අනුමැතිය ලද සංචිතය නුදුරේදී ම ප්‍රකාශයට පත් කිරීමට නියමිත
අතර, එම සංචිතය ඔක්තෝබර් මාසයේ මුල් සතියේ පල්ලෙකැලේ පැවැත්වෙන පුහුණු කඳවුරකින්
අනතුරුව තරගාවලිය සඳහා පිටත්ව යාමට නියමිතයි.
එළඹෙන ඔක්තෝබර් 16 වැනි දා ආරම්භ වන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සිම්බාබ්වේ සහ
අයර්ලන්තය සමඟ පෙරහුරු තරග දෙකකට ද සහභාගි වීමට නියමිතයි.
(ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවිඩය පහතින්)


විමල්ට ඇප
දිට්වා වන්දිවලින් අල්ලස් ගත් ග්‍රාමසේවක යළි රිමාන්ඩ්
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලොකු තෑග්ගක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගුරු විභාගය සාර්ථකව අවසන්! පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව මෙන්න!
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පිළිබඳව ජනපති කළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
වැසි තත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දින වකවානු පිළිබඳව ඉඟියක්
රන් ණය සහ උකස් පහසුකම් සඳහා මහ බැංකුවෙන් සීමා පනවයි
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණය සහ ලීසිං සඳහා නව සීමාවන් පනවයි
පෙට්‍රල් දමා බිරිඳට ගිනි තැබූ නරුම සැමියා කළ පාපොච්චාරණය