Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය

2 years ago 2.3 K

එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට
තමන් අනුමැතිය ලබාදුන් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

එහි දී ඔහු කියා සිටියේ, “ක්‍රීඩා කවුන්සිලයේ නිර්දේශය පරිදි, විස්සයි විස්ස ලෝක
කුසලානය සඳහා ඉදිරිපත්වන ශ්‍රී ලංකා කණ්ඩායම මම ඊයේ (13) අනුමත කළා. 2022
ඔක්තෝම්බර් 16 සිට නොවැම්බර් 13 දක්වා ඔස්ට්‍රෙලියාවේ දී ආරම්භ වීමට නියමිත ලෝක
කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට මම සුබ පතනවා.” යනුවෙන්.

මේ අතර අමාත්‍යවරයාගේ අනුමැතිය ලද සංචිතය නුදුරේදී ම ප්‍රකාශයට පත් කිරීමට නියමිත
අතර, එම සංචිතය ඔක්තෝබර් මාසයේ මුල් සතියේ පල්ලෙකැලේ පැවැත්වෙන පුහුණු කඳවුරකින්
අනතුරුව තරගාවලිය සඳහා පිටත්ව යාමට නියමිතයි.

එළඹෙන ඔක්තෝබර් 16 වැනි දා ආරම්භ වන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සිම්බාබ්වේ සහ
අයර්ලන්තය සමඟ පෙරහුරු තරග දෙකකට ද සහභාගි වීමට නියමිතයි.

(ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවිඩය පහතින්)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *