Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අදට යෙදී ඇති නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම

8 months ago

නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට (8) යෙදී තිබෙනවා.

ශාසන ඉතිහාසයේ විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් නිකිණි පුර පසළොස්වක පොහෝදිනය බෞද්ධයින්ට වැදගත් වී පෝය දිනයකි.

ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකිණි පුන් පොහෝ දිනයේදී පසුවස් එළඹීම සිදු කරනවා.

අජාසත් රජුගේ දායකත්වයෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා, රජගහ නුවර දී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ දිනය ලෙස ද මේ පොහෝ දිනය සළකනු ලබනවා.

ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම, බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍ය ඉදිකිරීම ආදී වැදගත් සිදු වීම් රැසක් ශාසන ඉතිහාසයෙන් වාර්තා වෙනවා.

එමෙන්ම අද දින ශ්‍රී ලාංකික බෞද්ධයෝ ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවේ ද විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් සිදු කරනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *