අභ්‍යන්තර ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් 2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන ඇස්තමේන්තුගත ගෙවිය යුතු බදු ප්‍රකාශය (Statement of Estimated Tax Payable – SET) 2025 අගෝස්තු 15 දිනට හෝ ඊට පෙර විද්‍යුත් මාර්ගයෙන් ඉදිරිපත් කරන ලෙස බදු ගෙවන්නන්ට මතක් කර සිටී.
දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, 2024/2025 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් වාර්තාව (Return of Income) සහ SET යන දෙකම ඉදිරිපත් කිරීම සඳහා දැනට එහි විද්‍යුත් සේවාවන් (e-services) විවෘතව පවතින බවයි. 2024/2025 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් වාර්තාව 2025 නොවැම්බර් 30 වන දිනට පෙර ඉදිරිපත් කළ යුතු වේ.
මෙම නියමිත දිනසීමාවන් ආයතනික ආදායම් බදු (Corporate Income Tax), හවුල් ව්‍යාපාර ආදායම් බදු (Partnership Income Tax) සහ පුද්ගල ආදායම් බදු (Individual Income Tax), මෙන්ම සරල කළ පුද්ගල ආදායම් බදු වාර්තාව (IIT Simplified Return) සඳහා ද අදාළ වේ.
නියමිත දිනට පසුව සිදු කරන ගෙවීම් සඳහා පොලී සහ දඩ මුදල් අය කරන බවට දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත. ගෙවීම් සිදු කිරීමේදී නිවැරදි බදු වර්ගය සහ ගෙවීම් කාල පරිච්ඡේද කේතයන් (tax type and payment period codes) භාවිතා කරන ලෙස ද බදු ගෙවන්නන්ට තරයේ දන්වා ඇත.
විද්‍යුත් මාර්ගයෙන් බදු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු සහ උපදෙස් ලබා ගැනීම සඳහා අභ්‍යන්තර ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසෙන ලෙස බදු ගෙවන්නන්ට උපදෙස් දී තිබේ.

වාහන හිමියන්ට විශේෂ නිවේදනයක්
ඩීසල් ලීටරයක මිල රුපියල් 600ක් කළ යුතුයි – ධනනාත් ප්‍රනාන්දු
ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි
ඉන්ධන මිල සංශෝධනයක්? ඛනිජ තෙල් සංස්ථාවෙන් නිවේදනයක්
ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
සරණගේ නඩුවල තීන්දු කල්යයි
රජයේ විශ්‍රාම වැටුප් නැති අයටත් විශ්‍රාම වැටුප් ගන්න අවස්ථාවක්
සටන් විරාමය අස්ථාවර කරමින් ඇමෙරිකාවෙන් දකුණු ඉරානයට ප්‍රහාර
හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි තීරණාත්මක නඩු තීන්දු හතරක් අද
මෙනින්ජිටිස් ව්‍යාප්තිය පාලනයට වසංගත රෝග විද්‍යායතනයෙන් විශේෂ උපදෙස් මාලාවක්
ගුරු පත්වීම් ගැන විශේෂ සාකච්ඡාවක් අද
රැවටෙන්න එපා! ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලයි!