වෘත්තීයවේදීන් සඳහා නිකුත් කරනු ලබන ඉන්ධන කෝටාව ඉහළ දැමීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට උපදෙස් ලබා දී තිබේ.
ඉන්ධන, විදුලිය, ඖෂධ , ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව මහජනතාව වෙත සපයාදීම සඳහා දිගුකාලීන හා කෙටිකාලීන වැඩපිළිවෙලක් සකස් කරන ලෙස රජය වෙත නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් කැඳවූ අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා මේ බව නීතිපතිවරයාට දන්වා තිබේ.
මෙම පෙත්සම අද විජිත් මළල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පෙත්සම්කාර ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කරුණු දක්වමින් නීතිඥවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවන් වැනි වෘත්තීයවේදීන්ට සිය රාජකාරි ඉටු කිරීමේදී දුර ගමන් යාමට සිදුවන හෙයින් දැනට නිකුත් කරනු ලබන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බව දැනුම් දී තිබේ.
ඔවුන්ගේ රාජකාරිය නිසිපරිදි ඉටුකිරීම සඳහා ඔවුන් සේවය කරනු ලබන ආයතනවල නිර්දේශ යටතේ හෝ අදාළ ඉන්ධන කෝටාව වැඩි කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු පෙන්වා දුනි.
අනතුරුව අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර් මස 01 වනදා කැඳවීමට අධිකරණය නියම කර ඇත.

ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ සහකාර අධ්යක්ෂවරයා අබිරහස් ලෙස මරුට
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපති ලෙස පත්වීම ගැන ඉරාන්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති සහ ආරක්ෂක ලේකම්වරයා අතර විශේෂ හමුවක්
හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි නඩු හතරක තීන්දු ප්‍රකාශය කල් යයි
ඩොලර් මිලියන 2.5 ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ තීරණය වෙනස් වෙයි
බොරතෙල් බැරලයක මිල වාර්තාගත ලෙස ඉහළ යයි
අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5 ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
සනත් ජයසූරියගේ වසර 18ක් පැරණි IPL වාර්තාවක් බිඳවැටෙයි
වෛද්‍යවරියන් නාන දසුන් රූගත කළ 19න් පහළ ජාතික ක්‍රිකට් ක්රීඩකයමේ ක්‍රීඩකයින්ට වැඩ වරදියි
පක්ෂ සාමාජිකත්වයෙන් වහාම ඉල්ලා අස්වෙන්න! සජබයෙන් එරාන් වික්‍රමරත්නට දැනුම්දීමක්!
දඹුල්ලේ අවන්හලකට රුපියල් 510,000 ක දඩ