Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කට්ටි පනිමින් සිටි තුසිත හල්ලොලුව අත්අඩංගුවට

8 months ago

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණය මඟහරිමින් සිටි ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් ඊයේ (18) වරෙන්තු නිකුත්කරනු ලැබුවා.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන විසින්
මෙසේ වරෙන්තු නිකුත්කරනු ලැබුවා.

මෑතකදී නාරාහේන්පිට ප්‍රදේශයේදී තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි. 

එම විමර්ශනය සම්බන්ධයෙන් පොලීසිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *