පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියේ මේ වනවිට කැඳවා තිබේ.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) දින අධිකරණයට ඉදිරිපත් නොකරන බව දැනුම් දී තිබේ.
නඩුකරයේ කැඳවූ අවස්ථාවේදී අද (26) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.
සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් තිලක් මාරපන, අනූජ ප්‍රේමරත්න යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.
කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධත්වය දක්වා තිබේ.
මේ අතර ආරාධනා පත්‍රයේ නීතියානුකූලත්වය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවද අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
මේ අතර සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා සඳහන් කළේ මේ පිළිබඳව විගණනය කිරීමට ජනධිපති ලේකම් කාර්යාලයේ විගණන නිළධාරියාට බලයක් නොමැති බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජාතික විගණන කාර්යාලයෙන් සිදු කළ විගණනයේදී මුදල් අවභාවිතවක් පිළිබඳව අනාවරණය වී නොමැති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කෙරේ
බස් රථයක් ප්‍රපාතයකට පෙරළී බිහිසුණු අනතුරක්
හිටපු ජනපති රනිල්ගේ නඩුවට මහේස්ත්‍රාත්වරයා අද දුන් නියෝගය
ප්‍රවේශම් වන්න! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!
ඉන්ධන පිරිමැස්ම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ගත් තීරණය
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අද සිට තාවකාලිකව ක්‍රීඩා අමාත්‍යාංශයට
ලබන වසර මුල සිට මෙරට ජනතාවට විදුලි දුම්රියක ගමන් කිරීම්කට අවස්ථාව
ජනපති හමුවූ පූජ්‍ය පඤ්ඤාකර හිමි අතර හමුවක්
අර්ච්චුනාට ඇප
තිරිඟු පිටි මිල ඉහළට
ශම්මි සිල්වා ඉල්ලා අස්වීම භාරදෙයි
යළිත් විදුලි ගාස්තු සංශෝධනයක්? යෝජිත ආකාරය මෙන්න