ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ දූර කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත ගොස් රුපියල් කෝටි එක හමාරකට අධික පාඩුවක් රජයට සිදුකළ බව කියන සිද්ධියට අදාළ සැකකරුවන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන අවසන් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා.
අද දින (29) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණයේ පෙනී නොසිටි අතර, ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන කරුණු ඉදිරිපත් කරමින් පැවසුවේ තම සේවාදායකයාගේ අසනීප තත්ත්වය හේතුවෙන් අද දින අධිකරණයේ පෙනී නොසිටින බවයි.
සිද්ධියට අදාළ සැකකරුවන්ට ප්‍රමාණවත් කරුණු තිබේ නම් කඩිනමින් අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා එහිදි දැන්වුවා.
එදිනට පෙර සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට දැනුම් දුන්නා.
මෙම පැමිණිල්ලේ සැකකාරියක ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ නම් කරනවාදැයි අධ්‍යයනය කරමින් සිටින බවත් දිළිප පිරිස් වැඩිදුරටත් දන්වා සිටියා.
මෙහි අනෙක් සැකකරුවන හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද අධිකරණයේ පෙනී සිටියා.
මෙම නඩුව ලබන ජූලි 08 තෙක් කල් තැබුණා.

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී බිහිසුණු අනතුරක්
ප්‍රවේශම් වන්න! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!
ඉන්ධන පිරිමැස්ම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ගත් තීරණය
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අද සිට තාවකාලිකව ක්‍රීඩා අමාත්‍යාංශයට
ලබන වසර මුල සිට මෙරට ජනතාවට විදුලි දුම්රියක ගමන් කිරීම්කට අවස්ථාව
ජනපති හමුවූ පූජ්‍ය පඤ්ඤාකර හිමි අතර හමුවක්
අර්ච්චුනාට ඇප
තිරිඟු පිටි මිල ඉහළට
ශම්මි සිල්වා ඉල්ලා අස්වීම භාරදෙයි
යළිත් විදුලි ගාස්තු සංශෝධනයක්? යෝජිත ආකාරය මෙන්න
රටම බලා සිටින හිටපු ජනපති රනිල්ගේ නඩුව අද යළි කැඳවයි
රටේම ආදරය දිනා ගත් සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වෙයි